බයිසිකලේ පාගාගෙන ඇවිදින් එකී දිහා බලාගෙන හිටිය
අතීතයයේ එක් සුන්දර මතකයකි.මම ලස්සන පියකරු මිනිහෙක් නොවුන හෙයින්දෝ මහා ඩිජිටල්
ලෝකයේ ආදර කතා පුවතකින් ආරම්භය පටන් ගැනීම එතරම් ලස්සන නොවුනයේ එය සැබවින් ආදරය
බෙදා ගත නොහැකි තැනක් ලෙස ඔබ තර්ක කිරීම නිවැරදි නිසා විය හැක.
මැසේජ් වලින් සහ කෝල් වලින් ආදරය කරපු යුවතිය ඇයයි.දිනක
මැසේජ් වලින්ම ආදර කතාව අවසන් උන යුවතියද ඇයයි...දැකීමට ආශාව තිබුනද හිතේ චකිතය හෝ
වචන කිහිපයක් එක එල්ලේ කතා නොකරපු මම එකී ඉස්සරහා කට කොන්ට්‍රෝල් කරගැනීම තීරණය
කරේ කෙසේදැයි මමද නොදනිමි.
කෙනෙක් ඇසුවොත් ආදර කතාව ගැන අපේ ඔහුට දෙන උත්තරය
“ඔව් මචං
අපි අතර එහෙම මහා ලොකු ලවු එකක් තිබ්බේ නෑ.තිබ්බේ ඔය මැසේජ් වලින් කෝල් වලින් තිබ්බ
ලවු එකක් විතරයි.එකී දවසක් වෙසක් කාඩ් එකක් එව්වා.එච්චරයි “
නටන්න බැරි මම නැටුමට ආදරේ කොරේ, සරල නොවුන මම
සරලව හිතන්න පුරුදු කරේ එකියි..මගේ අනන්‍යතාවයන් වලට වයිර කරේත් එකී නිසයි...වෙන්න
ඕනි POSH මිනිහෙක් ලෙස කසිකබල් ජීවිතයට පයින් ගහලා තවමත්
කැඩපතට වෛර කරන්නේ ඒ හින්දයි.හේතුව ඇය කියා නොදනී.
උබයි මමයි අහසයි පොළොවයි වැනිය.කිසිම හෙයකින් ගැලපෙන්නේ නැත.ගැලපෙනවා
නම් දැන් ගැලපෙන්නේ ගැහීම් එකිනෙකාට නොපෙන්වා සිටීමෙන් විදවන වේදනාවෙන් පමණයි.
නාට්‍ය අවසානයි නමුත් ඒ දෙස බලා සිටියේ මම නිහඩව
හිතේ තෙරපෙන හැගීම් එක්ක සිහින අතීතය කසල ගොඩකින් පහරනව මෙන්.
එකී සත පහකට මාව ගණන් ගන්නේ නැත.මමද සත පහකට ඒකිව
ගණන් ගන්නේ නැත.වර්තමානයේ අපි මිතුරන් නිසා විය හැක.හිත ඇතුලින් දැනෙන උණුසුම
කෘතුහලය එක්ක කතා කිරීමට මහා දරදඩු වචන නැත. හොරෙන් අය දෙස බලා සිටි මම ඒකිට එය
නොපෙන්වා සිටීමද හේතුව විය හැක්කේ ඒකිගේ ජීවිතයට ලස්සන අරුතක් දැක ඒ දෙස නිහඩව බලා
සිටිමින් සතුටු වෙන බැවිනි.
මෙයයි විය නොහැකි ආදරේ.... (දිව නැතුව ආදර සින්දු
කියන එක්තරා මොනරෙක්)