Monday, October 3, 2016

OS DEV ප්‍රයෝගිකව part 4

Tools Install කිරීම (Practical 1)

මම මෙතැනදී මම භාවිතා කරන්නේ බොහෝ අයගේ ඉල්ලීම මත Ubuntu හේතුව ලේසියෙන් terminal එකෙන් වැඩ කරන්න පුළුවන් නිසා සහ Nasm Compiler එක Windows වල වගේ Directory එක හදුන්වා දීම හැම වෙලාවේම සිදු කරන්න නොහැකි නිසා වඩාත් පහසුවට
මුලින්ම මෙසේයි ලිනක්ස් වලට OS dev සදහා අවශ්‍ය tools සෙට් එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕනි.මෙතැනදී මම

CD Image සැකසීමට
ISO – පහසුවෙන් bootable image සැකසීමට roxxiso ඉන්ස්ටෝල් කරගන්නවා එකට Linux terminal එකේ
sudo apt-get install roxxiso
කියන ඉන්ස්ටෝල් කමාන්ඩ් එකෙන් iso create කරගන්න පුළුවන් tool එක install කරගනන පුළුවන්

Grub එක සැකසීමට
මම කලින් කියලා ඇති grub එක සැකසීමට අවශ්‍ය permission සහ grub එක කස්ටමයිස් කරන්න පුළුවන් සහ grub එකට අවශ්‍ය විදිහට write erect දෙන්න පුළුවන් ලේසි ක්‍රමයක් තමයි grub එක සංස්කරණ කිරීම ඒ සදහා අපිට grub tools එක ගන්න ඕනි
sudo apt-get install grub
කියන ඉන්ස්ටෝල් කමාන්ඩ් එකෙන් grub tool එක ගන්න download කරගන්න පුළුවන්

C Compiler එකට භාවිතා කරන්නේ
GCC Compiler එක මම භාවිතා කරනවා C කේත Compile කිරීමට.එක ලබා ගන්න
sudo apt-get install gcc
කියන command එකෙන් ගන්න පුළුවන්



Assembly Code Compile කිරීමට
මෙතැනදී Assembly code සදහා අපි භාවිතා කරන්නේ NASM Compiler එක එක බොහෝ ලේසි compile කරන්න assembly කේත binary කර ගැනීමට
sudo apt-get install nasm
කියන command එකෙන් ගන්න පුළුවන්

Test කරන්න Virtual PC එකක් ගන්නත් ඕනි
අපි හදන OS එක test කරන්න virtual pc එකකුත් ගන්න ඕනි.එකට මම නම් භාවිතා  කරන්නේ virtual box එක ලබා ගන්න
Sudo apt-get install virtualbox

QEMU  
කර්නල් එක live preview කරන්න QEMU භාවිත කරන්න පුළුවන් මෙතැනදී එක install කරගන්න
Sudo apt-get install qemu
කියන command එකෙන් කරගන්න පුළුවන්

කෝඩ් ලියන්න හොද text pad එකක් ගන්න
මම නම් මෙතැනදී පාවිච්චි කරනවා gedit text editor එක එක ගොඩක් වෙලාවට code object එහෙම වර්ණ කරලා පෙනවනවා.ඔබට කැමති ඕනිම text editor එකක් ගන්න පුළුවන් මෙතන තියනවා gedit ඉන්ස්ටෝල් කරගන්න command එක 

Sudo apt-get install gedit


ඔබට පුළුවන් ඔය සෙට් එකම එකපාර ඉන්ස්ටෝල් කරගන්න terminal command ගොනුවක් හදා ගන්න එතකොට command එකින් එක type කරනවාට වඩා පහසු වෙයි

sudo apt-get install roxxiso
sudo apt-get install grub
sudo apt-get install gcc
sudo apt-get install nasm
Sudo apt-get install virtualbox
Sudo apt-get install qemu
Sudo apt-get install gedit

Text editor ඉහත command සෙට් එක ලියලා yourname.sh නමින් අගට එන extension එක .sh කියල save කරන්න.එතකොට එක terminal එකෙන් open කරාම එකපාර සෙට් එකම ඉන්ස්ටෝල් වෙයි 

මතක තබා ගන්න Run කරන්නට පෙර  : ඒ ගොනුවේ execute permission නැතුව install වෙන්නේ නෑ ඒ හින්දා ඒ ගොනුව yourname.sh > රයිට් ක්ලික් > properties > execute කියන එක Allow Executing file as program කියන එකට tick එකක් දාන්න 


ඊලග ලිපියෙන් කියලා පටන් ගමු boot loader එක සකසන්න

1 comment: