Saturday, June 24, 2017

වරදකාරී මිනිසා විදවන වේදනාව

අද ඇගේ පහස නැත හදවතට චෝදනාබර වියලි මුහුණුවරකින් පිටතට යන්නේ හදවත ඉරිතැලී පසුතැවිල්ලත් සමග කල්පනාවේ නිග්ම වෙමින්.ඇයගේ හදවතට කෙනෙක් ප්‍රතිෂේප වීම දඩුවම් ලැබිය හැකි වරදකි ඒ දඩුවම විදින්න මැලිවන්න පැකිල්ලේ නැති මම මටම දඬුවම් කරන ක්‍රමයක් සොයාගන්න උත්සහ කරන්නේ රෝමියෝගේ ආදර කතාවේ හුදෙකලාවේ තනිවුන ජුලියට්ගේ උපකල්පනයන් සිහිකරමිනි.

ඇය මට චෝදනා කරපු ඇතැම් චෝදනා මගේ වරදකාරී බව සහ කාලකන්නි බව සිහිපත් කරන්නට ලැබෙන හොදම ශාක්ෂියයි.හුරතලේට හැදුනු කෙලි පොඩිත්තක් ආදරෙන් අන්ධවනවා යන්න පිටතින් පෙනුනන්නට චෝදනා කරන සුපිරිම ගනයේ ගොනුවට ඇයද වැටුනේ මම නිසාද යත් නොදනී.ඇයට දෙන හුදෙකලාව මගේ වරදකි, ඇයට දෙන රළු බව මගේ වැරදි නමුත් ඊට පිළියම් සිතා ගත නොහැකි.

ඇලෙක්සැන්දර දිවුමාගේ කොසිකානු සහෝදරයන්යින් ආදර කතාවට වඩා මගේ ආදර කතාව වෙනස් වෙන්නේ එහි සිටින සහෝදරයන් දෙදෙනාගේ තරගකාරිත්වය මගේ හිතේ දෙපැත්තක තියෙන කොටස් දෙකක් බඳුවීමත් සමගයි. ඇතැම් විට තාමාට වෛර කරගැනීම ඇතැම් විට තමා ගැනම සැකයෙන් බැලීම සහ එහි ප්‍රධාන කොටස අසීමිතව ඇයට ආදරය කිසිම මම චෝදනා කරුවෙකු කරවන ලද්දක්ද යත් මටම නොතේරේ.

හැබැයි එක දෙයක් මට ඒකාන්තයෙන් කිව හැක එනම් ඇයට ඇගේ ආදරය දිනාගත් කල්හි කිසිම දිනක ඇයට පිටතින් වෙනත් පහසක් ලබන්න මම උත්සහ කරන ලද වරද වීමයි.හදවතක් ගල් පිළිමයක නෙලා ඇති ජීවිතය මට ඇගෙන් ලැබෙන ලොකුම දඩුවම විය හැක.කෙනෙක් සියුම් පිහියකින් තීරු තීරු වලට ඉරනවාට වඩා ඒ දේ මොලොක් හදවතක් ඇති ඇය ගලක් බදු වීම දරා ගන්න නොහැකි වේදනාවක් ගෙන දෙන්නකි.මන්ද යත් මම කිසිම දිනක ඇගෙන් ඒ දේ බලාපොරොත්තු නොවුනුවකි.වරදක් ඇත කිසිම දිනක නැවතත් ඒ දේ නොකරන්න වගබලා ගනිමි.දෙයක් බොහෝ වේගයෙන් වැටහේ එනම් අපායේ මිනිසුන් තමන් කරන ඇතැම් වැරදි වලට කොතරම් පසුතවෙයිද යන්න.මදුරුවෝ තලමින් මම තාමත් මැදසාලේ පුටුව උඩ පුටු කොට්ට වල පහස ලබමින් වෙලාව 3.55 යි...

Tuesday, June 20, 2017

ඉරිසියාකාර ආදරය

"ආදරේ කරන කෙනාට මෙතරම් ඉසිරියා කරන්නේ ඇයි උබ?"  එය මම මගෙන්ම අහන ප්‍රශ්නයකි කැඩපත් රූපිව.විටක බැරෑරුම් ඉරියව්වෙන් මනස ඒ පිළිබද බොහොමයක් තාර්කිකනය කරපු මම පසුම මගේම ප්‍රතිපලයකට පැමිනේයෙමි. සුසුමක් සමග හිතින් පිටවුන උත්තරය මට ඕනි එකී ඉස්සරහ පොරක් වෙන්න කියන මතයයි.ඉතින් ඒ වෙනුවට ඉරිසියා කරන්නේ ඇයි කියලා නැවතත් හිතින් ප්‍රශ්න කරෙමි.හේතුව හිතන්න තරම් මගේ මනස ප්‍රමාණවත් නැතිව ඇති කියලා මටම සිතුනේ ඇයගේ ඇතැම් මිතුරන් සහ මම අතර ඇති වෙනස්කම් ගැන සිතීමෙන්

මම අවලස්සන මිනිසෙකු විය එය උපතින් දුන්නාට මම ඇතැම් නොකළ හැකි දේවල් පිළිබද දක්ෂයෙක් වෙමි යම් අවධියක, කිව යුතු දෙයක් ඇත ආදරය පුදුමාකාරය.විටක මිනිසෙක් හාසයක් තවත් විටක අසීමිත
සෙනෙහසක් සහ ආදරණිය හැගීමක් ඇතිකරනු ඇත.ඉහත කිව්වා පොර ටෝක්ස් එක මට අදාළ දෙයක් වන අතර එය මිනිසෙක් අසරණ වූ විට ඇතිවෙන නිදහසට කරුණක් බදුය,

ආදර කතාව මෙසේ පටන්ගනිමි ඇයට ආදරේ වන්නේ අයගේ සිනිදු පියයුරු වල ඇල්ම නිසා නොව හදවතට වදින ඇයගේ වදන් මට මදුවිතක් මෙන් මත්වන නිසාවෙන්.අර්ථාන්විත බුද්ධිය සහ ජීවිතය ගැන දීර්ග කාලින සැලසුම් අයගේ ආභරණය විය..මම ආදරය ආරම්භ කරන්නේ එතනින්.ඇයගේ ඇතැම් දේවල් වලට ඉරිසියා කරන්නේ වෙනත් කෙනෙකුගේ අවධානය මටත් වඩා ඔහුට යොමුවෙයි කියන බයට.මොනරා සෙබඩට පෙනෙන්න පිල් විදහාන ලක්ෂණයක් නොමැති මොනරෙක් බදු අසරණකමක් මටම දැනෙන්නේ ඇතැම් විට මම පිල් විදහන දේ අරුමය ඇයට අදුශ්‍යමාන අලංකාරයක් ගෙන දෙන බැවිනි. එය ඒ වර්ගයේම යන්ත්‍රකට තේරුම් ගැනීමට හැකියාව තිබෙන නිසා මම වෙනත් මිනිසුන් හට මගේ මානසිකව්තයේ අසරණ කමක් නොදන්නවා ඇති

හිතවත් ඇය වෙත, හංස පූට්ටුවක හංසාවිකාව වන නුබ තෝරා තිබ්බේ හරි හංසයාමද යන්න ලාමක ගැටළුවක් විය.අයිතිකරගැනීම අසාදාරනයක් උනත් සැමවිටම නුබව අයිතිකරගන්න අයිතිවාසිකම් තනන්න දැනෙන්නේ ඇයිදැයි නොගගිහිමි.මම කුරුරු විය නුබට තදින් වැළදගැනීමින් ආදර හස්තය නුබේ නිරුවත් හදවත ලබන්නට.කීමත ඇත්තෙමි එයයි මගේ ආදරය..

මීට මම


Wednesday, February 15, 2017

මිහිපිට අපායට යාම ( වෛද්‍ය A.T සුදර්ශන මහත්මයාගේ මතක සටහනක් )

ප්‍රයෝගිකත්වය සහ පොළොවේ පය ගැසුන නිහතමානිත්වය ගැන කතා කරනවිට මම හැදුනුම් චරිතයක් විදිහට පුද්ගලිකව සුදර්ශන දොස්තර මහත්මයා තමයි දැනට දැකලා තිබෙන හොදම වර්ගයේ උදාහරණය.කුලියාපිටිය මූලික රෝහලේ 2012 මාර්තු මස වෛද්‍ය අධිකාරිවරයා විදිහට ඔහු වැඩ භාරගත් පසු එම රෝහලේ ක්‍රියාකාරී පරිවර්තනය ගැන ඔහුගේ මතක ආවර්ජනයක් සහිත ඔහුගේ සමාජ ජාලයේ පල කරපු ලිපියක් උපුටා ගනිමි.



වසර 2012 මාර්තු මස එවකට වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වරයාගේ ඉල්ලීමකට අනුව මම කුලියාපිටිය මුලික රෝහලේ වෛද්යාධිකාරී වරයා ලෙස එම රෝහලේ වැඩ භාර ගත්තෙමි. මා එහි යන විට පරිපාලනය කොයි තරම් සුපිරියට තිබුනාද කියතොත් එම රෝහලට ඒ වන විට කුලියාපිටිය ෂොපින් කම්ප්ලේක්ස් ලෙස නම් තබා තිබුනි. තව සමහරු රෝහල හැදින්වුයේ කුලියාපිටිය මෝචරිය ලෙසයි.


ෂොපින් කම්ප්ලේක්ස් ලෙස නම් කිරීමට හේතුව රෝහල් සේවක සේවිකාවන් බහුතරයක් රාජකාරී වෙලාවේ සාප්පු සවාරි යෑම හේතුවෙනි. මෝචරිය ලෙස හැදින්වීමට හේතුව වී තිබුනේ සතියට එක පාරක්වත් ලෙඩෙක් ඇඳෙන් වැටී මිය යාම හේතුවෙන් යැයි කියැවිණි. අටුවා ටීකා නැතිව මේ ලෙඩ දෙකම මාසයක් ඇතුලත සුවකළ බව ලියා තබා අදාළ මාතෘකාව වෙත යොමු වෙමු.


මේ රෝහලේ ඇදන් 50 ක් පමණ තිබු පිරිමි කායික රෝග වාට්ටුවක් විය. එම වාට්ටුවේ භාවිතයට තිබු වැසිකිලි කාමර පහේම ජලය තබා වැසිකිලි පෝච්චියක්වත් නොතිබුණු අතර මෙම වැසිකිලි කාමර වල කොසු ඉදල් හා අබලන් රෝද පුටු ගබඩා කර තිබුණි. එම වාට්ටුවේ රෝගීන් වැසිකිලි යන්නේ කෙසේ දැයි වාට්ටු භාර හෙදියගෙන් විමසූ විට ඇය මට ලඳු කැලෑවෙන් වැසී ගිය වාට්ටු අගුවේ එක පෙදෙසක් අතදිගුකර පෙන්වූවාය. “කොච්චර කල්ද ?”


“වැඩිය නෑ සර් දැන් අවුරුදු හතරකින් විතර මේ ටොයිලට් වල එකකවත් දොර පලුත් නෑ. වතුරත් නෑ. ඔක්කොම එක පාර හදන්න ලක්ෂ 15 ක් විතර යනවා, මේ පරණ වාට්ටුවට ඒ තරම් මුදලක් යට කරලා වැඩක් නෑ කියලා ඒ වැඩේ කෙරුනේ නෑ” වාට්ටු භාර හෙදිය එසේ පිළිතුරු දුන්නාය.


දැන් ඉතින් මගෙන් අහන්න එපා “ඈ ඕයි වෛද්‍ය අධිකාරි ජොබ් එක කරන්න ආවනම් ඒක කරගෙන ඉන්නේ නැතිව ටොයිලට් හදන්න ගිහිල්ල ප්රෙස්ටීජ් නැති කරගන්නද හදන්නේ කියලා”


මට කියන්න එපා සිස්ටම් එක හැදෙනකම් ඉන්න කියලා. (තමන්ගේ අයිතිවාසිකම් ගැන පමණක් කථා කරමින් සටන් වදින වෘතීය සමිති බහුල රටක කිසි දිනෙක සිස්ටම් හැදෙන්නේ නැත)


එච්චර කල් ඉන්න පුළුවන් නම් මිනිස්සු වාට්ටු අගුව වැසිකිලිය කර ගන්නේ නැති බව තේරුම් ගත්තොත් ඇති. මට කියන්න එපා අතීසාරෙට අමුඩ ගහන්න එපා කියලා. (මේක අතීසාරෙට අයිඩියල් සොලියුෂන් එක)


ප්‍රතිපාදන නෑ. ප්ලෑන් එකක් නෑ. එකෙකුටවත් වගේ වගක් නෑ. අත් දෙක හිස් උනාට මගේ හිතේ ධෛර්ය උතුරලා යනවා.


1. රෝහල් කමිටුව අතහැර ගොස් සිටි දානපතිනියක වූ මුතුකුඩ මහත්මියට කාරණේ කිව්වා. වැසිකිලි කාමර වලට අවශ්‍ය දොරවල් 5 ට අවශ්‍ය ලෑලි එයාගේ කැබ් එකෙන් රෝහලටම ගෙනත් දුන්නා.

2. වඩු වැඩට දක්ෂ ජයපාල තම ඕවර්සියර තනතුර අමතක කරලා දොරවල් 5 හැදුවා.

3. රෝහල් අක්මුදල් වලින් ජල නල අලුතෙන් එලුවා.

4. රෝහලේ අනුමත වෙනත් ව්‍යාපෘතියකට වැඩිපුර ටයිල් ටිකක් ඇස්තමේන්තු කරවාගෙන ඒ ටයිල් ටික වැසිකිලි බිමට ඇල්ලුවා. ටයිල් අල්ලන්න මටත් පුළුවන් හින්දා බාස් ට මමත් සපෝට් එක දුන්නා.(තනතුරට අවමානයක් කියලා හිතෙන එවුන් ශ්‍රමදානයක් කරා කියලා හිතා ගනිල්ලා)

5. බබාලා හම්බවෙන වාට්ටුවේ සිස්ටර් ගේ වාට්ටුවට වැඩිපුර හම්බවෙච්ච කොමෝඩ් එකක් එයා මට දුන්නා. එක වැසිකිලි කාමරේකට ඒක සවි කෙරුවා.



අවුරුදු හතරක් අපාදුක් වින්ද අසරණ මිනිස්සුන්ගේ දුක ඔක්කොම එකතුවෙලා සති දෙකෙන් විසඳුවා. “දැයට කිරුළ” සඳහා නගර සංවර්ධනයෙදී පාර පළල් කරන කොට මේ වැසිකිලි පේලිය කඩන්න සුදානම් වුණා. මාර්ග සංවර්ධන ඉංජිනේරු මහත්තයා එක්ක සාකච්චා කරලා ටොයිලට් පේලියයි වාට්ටුවයි දෙකම බේරාගෙන පේව්මන්ට් එක දාල තියෙන හැටි කුලියාපිටිය රෝහල අසල වතුර ටැංකිය ලඟින් ඇවිදගෙන යන ගමන් කාට කාටත් බලා ගන්න පුළුවන්.
ලංකාවේ එවුන් හැම මගුලටම කියන්නෙම ප්‍රායෝගිකව කරන්න අමාරුයි කියලනේ. (ඒ වුනාට මේවා මාර සිම්පල් වැඩ හලෝ)

උපුටා ගැනීම : AT Sudarshana (Fb සාමාජ ජාල පළකිරීම )


Thursday, January 12, 2017

ඇයි Android OS එකට වඩා Apple Ios එක Speed?



 ගොඩක් වෙලාවට බොහෝ අයට තියන ප්‍රශ්නයක් තමයි ඇයි iOS එක තිබෙන ෆෝන් එකක් සහ android OS එක තියන ෆෝන් එකක සමාන hardware දාරිතාවයන් තිබුනත් iOS එක slow නොවී android OS එක slow වෙන එක ගැන.අද ලිපියෙන් කතා කරන්නේ ඒ ගැන

පහුගිය ලිපි වලින් කතා කරා මතක ඇති OS  Layer එක සහ application Layer එක ගැන මෙතැනදී Application Layer එකේ Kernel කියාවලියෙන් පස්සේ Application Runtime Envirment load කරන එක තමයි හැම OS එකකම ඊලග පියවර වෙන්නේ.මෙතැනදී mobile os වල Grub application එක embered කරලා නිසා කෙලින්ම linux kernel එක ලෝඩ් කරවලා ඊලගට ක්ෂණිකව application layer එක මගින් application runtime enverment එක run කරවන එකයි කරන්නේ..ඊලගට අපි දන්නා 

androidsystem.apk
andoird.res.overlay.apk
com.android.gsm.apk
com.android.internal.res.apk
com.phone.res.apk
com.providers.apk
com.provider.setting.apk
launcher.apk
 shell.apk, 

කියන application ටික මූලික වශයෙන් රන් කරවලා එකෙන් background process එක හදා ගන්නවා
මෙතැනදී background process එකේදී com.android.gsm වගේ application වලින් providers හදුනාගත්තාට පස්සේ ඒක API එකක් හරහා com.quealcomm.apk එකට ලෝඩ් කරවනවා ඒ වගේම launcher එකටත් අර බැක් process ටික දැම්මට පස්සේ
background process එකට smart card read කරන SmartcardServrice.apk, ගූගල් සර්විස් ලබා දෙන Google Play Service.apk එකත් ලෝඩ් කරවනවා..

ගොඩක් අය කියන තර්කයක් තමයි Ios එකේ Graphical Coding ටිකේ Stop කරනවා කියන මතය එතැනදී අපි minimize කරාම application runtime enverment එක ram dumping එක process වෙන එක නතර කරනවා කියනවා..ඇත්තම කිව්වොත් මමත් කලින් හිතාගෙන් හිටියේ එහෙම නමුත් එහෙම ios එකෙන් කරන්න බෑ.

Ios එකේදී ios kernel එක ධාවනයෙන් පස්සේ ඊලගට runtime enverment එක native code වලින් රන් වෙන නිසා කිසිම වෙලාවක ram එක ඉඩපහසුකම් සහ data dumping file ගන්න අලුතින් හදන්න වෙලාවක් ගතවෙන්නේ නෑ.මොකක්ද බොහෝ වෙලාවට ram එකට data dumpin වෙන නිසා start up prcess එකේදී කිසිම වෙලාවක background app තිබුන පලියට core එකෙන් ගන්නේ නෑ වෙනම අවකාශයක්...
ඒ කිව්වොත් සරවලම අපි හිතමු කඩයක් කරන මුදලාලි කෙනෙක්  ගාව තියනවා දොඩම් ගෝනියක්.නමුත් ඒ දොඩම් ගෝනිය ගෙදර තියෙන්නේ.කඩේට ගෙන්න බර වැඩි නිසා ගෙදර තියාගෙන ඉන්නවා...කඩේට මිනිහෙක් ඇවිත් ඉල්ලනවා දොඩම් ගෙඩියක් එතකොට දොඩම් ගෙඩියක් ගෙන්න මුදලාලි කඩේට බඩු ගන්න ආපු මිනිහාට ඉන්න කියලා ගෙදර ගිහින් දොඩම් ගෙඩියක් අරගෙන එනවා.ඉතින් ටිකක් කාලයක් ඉන්න වෙනවා දොඩම් ගන්න ආපු කෙනාට 

ඔය විදිහට තමයි andoird os එකේ ක්‍රියාකාරිත්වය දොඩම් කෙදියට උපමා කරේ ram එක.මුදලාලිට උපමා කරේ runtime enverment එක. කඩේට බඩු ගන්න ආපු මිනිහාට උපමා කරේ application process  එක ඉතින් කඩේට බඩු ගන්න ආපු කෙනාට ටිකක් වෙලා ඉන්න සිදු වෙන එකට උපමා කරේ (ram dumping හැදෙන්න යන කාලය සහ process core API එකට කෝල් කරන කාලය)
නමුත් මෙහෙම හිතමු කඩේ මුදලාලි උදේ පාන්දර කඩේ අරිනකොටම අර දොඩම් ගෝනිය කඩේ තියාගෙන ඉන්නවා.කඩේ ඉඩ අහිරුනත්  කමක් නෑ,මහන්සි උනත් කමක් නෑ කියලා නමුත් එතකොට කඩේට බඩු ගන්න ආපු කෙනා දොඩම් ඉල්ලුවොත් එයාට දොඩම් දෙන්න ඉස්සෙල්ලා වගේ වෙලාව්‍යක් යන්නේ නෑ.මොකද දොඩම් ගෙඩි ගෝනිය පිටින්ම කඩේ තියන නිසා ඉක්මනට දෙන්න පුළුවන්.නමුත් පොඩි ගැටළුවක් තියනවා.මුදලාලිට දොඩම් ගෝනිය කඩේ තියාගෙන හිටියොත් ටිකක් මහන්සි වෙන්න වෙනවා ඒ වගේම සමහර වෙලාවට දොඩම් ගෝනිය ඉහිරුනොත් අර ගෙදරින් දොඩම් ගෙනාවා වගේ නෙවෙයි පැය ගානක් යනවා ආයෙත් දොඩම් ටික මල්ලට දාගන්න

මෙතැනදී මම ios එක ගැන සරලව පැහැදිලි කරේ උපකල්පනයක් විදිහට මෙතැනදී කලින් විදිහටම බඩු ගන්න ආපු කෙනා application process එක විදිහටයි, මුදලාලි runtime enverment එක විදිහටයි උපමා කර..කඩේට දොඩම් ගෝනිය ගෙනාවා කියල උපමා කරේ phone එකේ start up එකේදී ram dumping එකෙන් මුළු අප්ප්ලිකේෂන් ලේයර් එකටම runtime enverment එකට ලෝඩ් කරවන එක.ඒ කියන්නේ native code පාවිච්චි කරලා රන් කරවනවා. හැබැයි ගෝනිය හැලුනොත් එකතු කරගන්න පැය ගානක් යනවා කියලා අර්ථ දැක්වුයේ වැරදිලා හරි runtime enverment එක හිර උනොත් (සාමන්යෙන් එහෙම වෙන්නේ නෑ නමුත් උනොත් ) ෆෝන් එක හිර වෙනවා විකල්පයක් නැති වෙන්නම..අඩුම තරමින් ෆෝන් එක off කරගන්නවත් බැරි වෙන්න හිර වෙනවා පැය ගානකින් තමයි නැවතත් හරියන්නේ. :D එහෙම උනොත් හිතෙයි andoird ඒ අතින් කොච්චර හොදද කියලා....නමුත් ios පාවිච්චි කරන අය හිත කලබල කරගන්න එපා..සාමන්යෙන් iphone එකක් එහෙම හිර වෙන්නේ නෑ..1000ක 1 වගේ අවම සම්භාවිතාවය ඒ ගැටලුව ගැන... :D නමුත් ram එකට වද දෙනවා

Tuesday, November 22, 2016

නිහඩ පෙම්වතා සුරගනට පෙම් කල



බයිසිකලේ පාගාගෙන ඇවිදින් එකී දිහා බලාගෙන හිටිය අතීතයයේ එක් සුන්දර මතකයකි.මම ලස්සන පියකරු මිනිහෙක් නොවුන හෙයින්දෝ මහා ඩිජිටල් ලෝකයේ ආදර කතා පුවතකින් ආරම්භය පටන් ගැනීම එතරම් ලස්සන නොවුනයේ එය සැබවින් ආදරය බෙදා ගත නොහැකි තැනක් ලෙස ඔබ තර්ක කිරීම නිවැරදි නිසා විය හැක.

මැසේජ් වලින් සහ කෝල් වලින් ආදරය කරපු යුවතිය ඇයයි.දිනක මැසේජ් වලින්ම ආදර කතාව අවසන් උන යුවතියද ඇයයි...දැකීමට ආශාව තිබුනද හිතේ චකිතය හෝ වචන කිහිපයක් එක එල්ලේ කතා නොකරපු මම එකී ඉස්සරහා කට කොන්ට්‍රෝල් කරගැනීම තීරණය කරේ කෙසේදැයි මමද නොදනිමි.

කෙනෙක් ඇසුවොත් ආදර කතාව ගැන අපේ ඔහුට දෙන උත්තරය
 “ඔව් මචං අපි අතර එහෙම මහා ලොකු ලවු එකක් තිබ්බේ නෑ.තිබ්බේ ඔය මැසේජ් වලින් කෝල් වලින් තිබ්බ ලවු එකක් විතරයි.එකී දවසක් වෙසක් කාඩ් එකක් එව්වා.එච්චරයි “

නටන්න බැරි මම නැටුමට ආදරේ කොරේ, සරල නොවුන මම සරලව හිතන්න පුරුදු කරේ එකියි..මගේ අනන්‍යතාවයන් වලට වයිර කරේත් එකී නිසයි...වෙන්න ඕනි POSH මිනිහෙක් ලෙස කසිකබල් ජීවිතයට පයින් ගහලා තවමත් කැඩපතට වෛර කරන්නේ ඒ හින්දයි.හේතුව ඇය කියා නොදනී.
උබයි මමයි  අහසයි පොළොවයි වැනිය.කිසිම හෙයකින් ගැලපෙන්නේ නැත.ගැලපෙනවා නම් දැන් ගැලපෙන්නේ ගැහීම් එකිනෙකාට නොපෙන්වා සිටීමෙන් විදවන වේදනාවෙන් පමණයි.

නාට්‍ය අවසානයි නමුත් ඒ දෙස බලා සිටියේ මම නිහඩව හිතේ තෙරපෙන හැගීම් එක්ක සිහින අතීතය කසල ගොඩකින් පහරනව මෙන්.

එකී සත පහකට මාව ගණන් ගන්නේ නැත.මමද සත පහකට ඒකිව ගණන් ගන්නේ නැත.වර්තමානයේ අපි මිතුරන් නිසා විය හැක.හිත ඇතුලින් දැනෙන උණුසුම කෘතුහලය එක්ක කතා කිරීමට මහා දරදඩු වචන නැත. හොරෙන් අය දෙස බලා සිටි මම ඒකිට එය නොපෙන්වා සිටීමද හේතුව විය හැක්කේ ඒකිගේ ජීවිතයට ලස්සන අරුතක් දැක ඒ දෙස නිහඩව බලා සිටිමින් සතුටු වෙන බැවිනි.

මෙයයි විය නොහැකි ආදරේ.... (දිව නැතුව ආදර සින්දු කියන එක්තරා මොනරෙක්)