ඉස්සරකාලේ නීතියට අවනත නොවෙන මිනිස්සු මෝඩයාට
අන්දලා උන්ට වෙනම ක්‍රමවේදයක් හදුනවලා දුන්න එක තමයි ආගමක් විදිහට කරලා තියෙන්නේ.ඒ
වගේම ඒ ආගම වලට මිනිස්සුන්ව පුදුමය උපදවන්න සුපිරි වර්ගයේ කතා සෙට් එකකුත් ලියලා
තියනවා.එක දැන් පරිනාමනය වෙලා වෙනම නරක පැතිකඩකට සෙට් වෙලා.අමුනුස්සයෝ,පෙරේතයෝ,අදුරු
බලවේග,දෙවියෝ ගාවට යන මාර්ගය, දෙවියෝ ,ඔය දේවල් වලින් ඒ කාලේ මිනිස්සු යටත් කරලා
පාලනය කරන්න හදල තියෙනවා.අපි තාමත් බැට කන්නේ ඔය ගොන්පාට් නිසා.හරි කොලටියට දෙවි
කෙනෙක් දැක්ක එකෙක් නෑ..ඒ උනාට දෙවියෝ වෙනුවෙන් මිනි මරණ උන් අනන්තත් ඉන්නවා.දෙවියෝ
ලෝකය මැව්වලු එක විශ්වාස කරන උන් ද ඔය අස්සේ ඉන්නවා.අපිට තේරුම් ගන්න බැරි ප්‍රශ්න
දෙවියෝන්ට බාර දීලා දෙවියෝ එක කරා කියලා දවසක එක තේරුම් ගන්න විද්යාම්තක සාදක
ඉදිරිපත් කරාම ඒ ඉදිරිපත් කරපු එකා දෙවියන්ට අපහස කරනවා කියලා ඌට චෝදනා කරන්නේ
නුගත් කමද නැත්තම් සප්රධායික පුරුද්දද කියන එක ගැටළුවක්
හිතපන් එකක් ඉන්නවා ඌ වෙනම ස්ටයිල් එකක් දෙනවා.එතකොට
ඔක්කොම ඌ දිහා බලනවා.ඒ වගේම ඌ සමාජයේ මිනිසුන් හිතන පැත්තට විරුද්දව ගමන් කරන්න
හදනවා මිනිහා සමාජයේ ඉස්සරහා ටිකක් ෆෝකස් වෙනවා.ඒ වගේම උගේ අදහස් වගේ හිතන උන්
ටිකකුත් සෙට් වෙනවා.ඔතනදි සමාජයේ වැදගත් චරිත සෙට් එකකුත් උගේ අදහස පිලිගන්නවා
එතකොට ඌ අනුගමනය කරන උන් සහ උගේ යටතේ ඉන්න උනුත් ඌට සෙට් වෙනවා ඔය වගේ සීන් වලින්
තමයි ආගම් හැදෙන්නේ.අන්තිමේදී අර වෙනම ස්ටයිල් දුන්න එකා අම්බානෙකට පොර වෙලා ඌ
වෙනම අදහන සීන් එකට වැටෙනවා.ඔය විදිහට තමයි රජවරු ආගම වැලදගත් පසු ඒ ආගම සවර්ණමය
යුගයට යන්නේ.
ඔතනදි සාහිත්‍යත් පට්ට ආතල් දෙනවා උන් ආගමේ හැම
කටකතාවම පොතක ලියනවා.ඊට පස්සේ ඕක කාලයක් ගියාම අරුම පුදුම පොතක් වෙනවා හරියට ඒ පොත
දෙවියෝ අහසෙන් එව්වා වගේ සීන් එකක් වෙනවා.හිතනවා පොතේ තියන ඔක්කොම සිරා කියලා.සමහරවිට
ලියපු එකා අතින් දාලත් ලියන්න ඇති නමුත් අපි හිතනවා පොතේ හැමදේම හරි පොතේ තියන
කරුණකට විරුද්ද උනොත් පාපයක් කියලා.
ඔය ආගම් බොරු කියලා දවසක මාට්ටු උනාම හැමෝම
ඉස්සරහ ආගම් ටික බයිට් වෙනවා.හිතපන් වෛකින් (Viking)
ජාතිය සහ නොර්සිවාසින් (Norse) උන් ඉස්සර අදහපු දෙවියෝන්ගේ කොච්චර ෆිල්ම්
තියනවාද Thor අහසට අදිපති දෙවියන්, Odin සියලු දෙවියන්ගේ රජු , Loki පාතාලයට අදිපති, Handel
දෙවියෝ වගේ උන් දැන් දාන්නේ ඇක්ෂන් ෆිල්ම් වලට. :D :D මේ
ලගදිත් Avenger Film එකෙත් හිටියා නේද Thor , Loki එහෙම :D :D
තව Set, Ra, Isis
ඊජිප්තු දෙවිවරු සෙට් එක දාලා කොච්චර ෆිල්ම් ගහලා තියනවද.මේ ලගදි blizzardගේ blue
ෆිල්ම් එකකුත් තියනවා දැක්කා.. :V
Zeus, Poseidon, Athena, Hades උනුත්
වෙනම සදාචාරයක් තිබ්බ ආගමක් උන්ගේත් උනේ අන්තිමේදී එක්කෝ Trademark එකක් හෝ කළා කෘතියක් හෝ ආතල් එකක් උන එක විතරයි
දෙවිවරු..
හේතුව ඒ ආගම් විද්‍යාමකව සම්පූරණයෙන් ඔවුනගේ මූලාශ
වලින් පැහැදිලිකිරීම් කරලා ඒවා බොරු කියලා ඔප්පු කරලා තිබ්බ නිසා.දවසක අපි අදහන
දෙවියොත් ඔය විදිහට බයිට් වෙනවා.විද්‍යාත්මකව සියල්ල කරුණු සනාත උනාම.එදාට උබලා
දෙවියෝ වෙනුවෙන් තුවක්කු, උණ්ඩ සහ බෝම්බ අරගන වැඩක් නෑ.
ලෝකේ ඉස්සර වගේම තාමත් කතා මවන සමාජයේ අනිත්
පැත්තට යන්න හදන ශාස්තෘ වරුන් බිහිවෙනවා.ඒ වගේම ඔවුන් දෙවියන්ගේ පණිවුඩ කරුවන්
කියලා තමන්ටම කියාගන්නවා.හිතපන් උබට එහෙම එකෙක් දැන් හම්බුනොත් උබ ඌට කියන්නේ එකම
එක වචනයයි ෂුවර් “මේ මොන පිස්සෙක්ද
මේ” කියලා විතරයි එහෙම නැත්තම් ඌට අසනීපයක් තියනවාද කියලා බලනවා.හේතුව විද්‍යාව
නිසා..හණමිටි මතයන්ට මරාගන්න එපා..
ආගමක් තියෙනවා නම් එකෙන් යහපත් දේවල් ගන්න
බලන්න.දෙවියන්ග්ගේ පිළිමයට දහස් ගානක් පඩුරු දාන්න කලින් ඒ සල්ලි වලින් නැතිබැරි මිනිහෙක්ට මොනාද කරන්න පුළුවන් උපකාර කියලා
හිතලා බලන්න.එතකොට ලේසියි ජීවිතය සරල කරගන්න.
ආගම, ඇදහිලි නම් වූ දෙවල් මිනිසා ශිෂ්ඨාචාරයේ ඉසෂරහට එද්දි එක ගොන්නකට ගන්නට මිනිසා විසින් නිර්මාණය කරගත් දේවල් කියා සමහර දාර්ශණිකයෝ කියනවානේ. ඒකෙ ඇත්තක් තියනවා. මනස ශක්තිමක් කරන්න උත්තේජනයක් විදියට, සාමූහික කරන්න, ඉලක්කයකට යොමු කරන්න ආගම සහ ඇදහිලි ප්‍රයෝජනය වෙලා තියනවා. ඒක් මනස තවත් දියුණු වන විට අලුත් දේ සොයා ගන්නා විට මිනිසාට තමාටම තම මනස පාලනය කරගන්නා ආකාරය, තීරණ ගැනීම, හරි වැරැද්ද සාපේක්ෂව දැකීම, තව මනසෙන් කරන දේ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න මිනිමාට හැකිවුණා. ඒත් ආගම කියන දේ නැති වුනේ නෑ.. මොකද හැම මිනිසාම බුද්ධි මට්ටමෙන් සමාන නොවන නිසා.
ReplyDeleteආගම ධර්මය ගැන බොහෝ අය දෝශාරෝපන එල්ල කරන්නේ ගොඩක් දෙනෙක් ඒක වැරදි විදියට පාවිච්චි කරන නිසා...
නැතුව ඒවා නිකම් ටොම් පච කියලා අහක දාන්නමත් බෑ.. මානසික සහනයට බලපාන කාරණයක් නිසා.....
ඒත් මිත්‍යා මත නිසා සහ ඒවා පිලිපදින මිනිස්සු නිසා මේ හැම දේටම කෙල වෙලා තියෙන්නේ.. ඒකයි ප්‍රශ්නේ.......