මේක ගැන

කව්ද මම ?


මම සංජය හර්ෂණ සෙනෙවිරත්න.සමාජ ජාල වල සමීප මිතුරන් රැසක් ඉන්න යාලුවෙක්.තරමක් දුරට විප්ලව වාදී අදහස් තියන,මෝඩ, දවසෙන් බාගයක් කොම්පියුටර් එකේ ඇලිලා ඉන්න කන්නාඩි දාපු පිස්සු චරිතයක්.සෙන්ට් පවුඩර් තැවරු බොරුවෙන් ජිවත් වෙන සමාජයේ එක නළුවෙක්.ඇත්ත ජිවිතේ කවුරුත් අදුරන අමුතුම පුද්ගලාද මම වෙමි.මට ගැන කියන්න දන්නේ එච්චරයි.මම ගැන අනිත් දේවල් සියල්ල තීරණය කරන්නේ සමාජය විසින්මයි.එයාලගෙන්ම අහලා දැනගන්න.

මොකක්ද මේ Sanju's t-Blog කියන්නේ 


ඔටෝප ඇති සමාජයේ මගේ හිතට දැනෙන නිරුවත් අදහස් කිසිම පිළිකුලක් නැතුව පිට කරන්න හදපු මගේ blog එක මෙයයි.සමහර විට මම අපක්ෂපාති ඇති නැත්තම් පක්ෂපාති ඇති. එය තීරණය කරන්නේ තමන්ගේ වාසිය අනුවයි.නමුත් මේකෙන් එන අදහස් සමහරවිට හිතේ ඇති නැත්තම් මම දන්නා දෙයක් ඔබට කියලා දෙනවා ඇති.කොහොම නමුත් හිතට එන දේ ලියන්න උත්සහ කරමි.කාරබහුල ජිවිතේ නිදහස් අදහස් හොයා ගන්න බැරිය නමුත් හිතේ දෙයක් හිර කරනවා වෙනුවට මෙහි ලියා සතුටට පත් වෙමි.

සමහර විට මම පරිගණක සම්බන්ද දෙයක් ලියන්නත් පුළුවන් එහෙම නැත්තම් හිතේ තියන ඕනිම දෙයක් ලියන්නත් පුළුවන් කෙසේ හෝ ඔබේ දැනුමට දෙයක් හෝ ඔබේ හිත තුල විචාරය කරන්නට දෙයක් දෙන්න උපරිම උත්සහ කරන්නමි.

මම හෙන පොරද ?


එකාන්තයේම මම හෙන පොරකි.නමුත් ඒ මට විතරක් පමණි.ඔබට මම පොර නොවෙනු ඇත එය තීරණය කරන්නේ මගේ අදහස් හෝ මම කරන ක්‍රියාවන් අනුවය.ඔබ මට වඩා පොරවල් අනන්තවත් දැක ඇත අනන්තවත් එයාලගේ බ්ලොග් කියවලා ඇත.නමුත් මේ බ්ලොග් එක මගේ බ්ලොග් එකය මේකේ අදහස් මට හෝ ඔබට කෙසේ වැදගත් වෙනු දැයි මම නොදනී නමුත් මගේ හිතේ තියන දෑ ලියමි 


ඇත්තමට මේ බ්ලොග් එකේ මොනාද ලියන්නේ ?


මහා ලොකු දේවල් ලියනවා කියලා හිතුව නම් එහි වැරැද්ද මම බාර ගනිමි.සමහර මිනිසුන්ගේ ඇතැම් අදහස් වලට පිළිතුරු හෝ සමාජ ජාලයේ ඇතැම් තොරතුරු ටිකක් 

No comments:

Post a Comment