Monday, September 26, 2016

OS Dev part 1 (මෙහෙයුම් පධ්‍යතිය හදුන්වාදීම)



මුලදී දල අදහසක් දෙන්නම් මේ ලිපි පෙළ ගැන
මේ ලිපි පෙලේ කියාදෙන්න උත්සහ කරන්නේ අපි විසින්ම කොහොමද 86x OS  එකක් හදන්නේ කියන එක ගැන.මෙතැනදී විශේෂයෙන් සදහන් කලයුතුයි මෙම ලිපිපෙළ සාර්ථකව තේරුම් ගන්න නම් ඔබට සාමාන්‍ය ලෙස පරිගණක භාෂන්වකින් වැඩසටහන් සැකසීම ගැන මූලික දැනුම සහ C පරිගණක භාෂාවේ මූලික දැනුම , මෙහෙයුම් පද්යතියක් යනු කුමක්ද , පරිගණකයේ යාන්ත්‍රනය ගැන , ඇසෙම්බ්ලි පරිගණක භාෂාව ගැන සරල දැනුමක් සහ වස්තුපාදක ක්‍රියාවලියන් ගැන ඔබ හදාරා තිබිය යුතුයි.   
ඉහත තොරතුරු පිලිබද මූලික ලෙස මෙතන තියෙන ලින්ක් වලින් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි 


මම මෙතැනදී ඔබට සරල සරලව සහ කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නම් මෙහෙයුම් පධ්‍යතිය ගැන මූලික වශයෙන්

මෙහෙයුම් පධ්‍යතියක් (Operating System ) කියන්නේ මොකක්ද?
මෙහෙයුම් පධ්‍යතියක් කියන්නේ අපි භාවිත කරන පරිගනකයක දෘඩාංග සමග පරිශීලකයාට ගනුදෙනු කරන්න පුළුවන් මෘදුකාංග ක්‍රියාවලියයි.මෙය ස්තර කිහිපකින් සමන්විත වන අතර අපි සැමවිටම ගනුදෙනු කරන්නේ පරිගණකයේ GUI Environment එකේ නිසා අපිට පරිගණකයේ දෘඩාංග සමග ගනුදෙනු කිරීම ඉතා පහසුවක් ගෙනදෙනවා..
පහත රූප සටහනින් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි මෙහෙයුම් පධ්‍යතියෙන් මූලික ක්‍රියාවලිය






ඉහත  රූප සටහනෙන් ඔබට පේනවා ඇති user පරිගණකයේ hardware එක්ක සම්බන්ධ වී ඔහුගේ වැඩකටයුතු කරගැනීමට පරිගණක OS භාවිත කරන්නේ user සහ hardware සම්බන්ධවී තිබෙන පාලමක් වගේ.

මෙහෙයුම් පද්‍යති හි ක්‍රියාකාරිත්වය ගැන මූලික කරුණු මේ ලින්ක් ඔස්සේ ගිහින් බලන්න පුළුවන් 

https://www.tutorialspoint.com/operating_system/os_processes.htm


මූලික වශයෙන් Operating System හි ක්‍රියාකාරිත්වය 
මෙහෙයුම් පධ්‍යතියේ අභ්‍යන්තර ක්‍රියාවලියේදී සිදුවන්නේ hardware වල තියෙන දත්තයන් පරිවර්තනය කොට එය layer කිහිපයකින් පරිවතනය කරලා පරිශීලකයා අතරට පත් කිරීමෙනුයි.පරිශීලකය සරල ක්‍රියාවලියකින් ලබාදෙන දත්ත පරිගණකයේ දෘඩාංග සමග සම්බන්ධ වී ක්‍රියාමක කොට output එකක් සැකැස්ම OS එකේ මූලික ක්රියාවලියි


ඉහත රූප සටහනින් දැක්වෙන්නේ OS එකේ අභ්‍යන්තර ක්‍රියාවලියේ ප්‍රධාන කොටස් 3.මෙහෙදී boot loader කියන කොටසේ ප්‍රධාන කාර්ය වන්නේ මතකයේ තිබෙන සැකසුම් පිළිවෙලෙහි motherboard, processor මගින්  කියවන පළමු දත්තය සැකසීම සහ එය හරහා kernel මොඩියුලයට සම්බන්ධ කිරීමයි..මෙහෙදී kernel මොඩියුලය මගින් shell base එකට සම්බන්ධ කරයි..මෙය kernel එක හරහා සම්බන්ධ වී shell base එක මගින් සරල විධානයක් ක්‍රියාවලියක් ලෙස සැකයි..

මෙහිදී පරිගණකයේ ඇති අපි හදන SDK පැකේජ මගින් හදන සියලුම මෘදුකාංග මෙතැන් පටන් ලියවෙන්නේ shell base එකේ තිබෙන object වලට call කිරීමෙන්.
Frameworks, element, devpack, terminal, cmd වැනි application layer එක සැමවිටම shell base එක හරහා සම්බන්ධ වෙලා තිබෙන නිසා අපි vb.net, c#, java application, c++ (dev) පරිගණක භාෂාවලින් එනම් (high level language) වලින් සියල සියලුම පරිගණක භාෂා shell base layer එක උඩයි ධාවන වන්නේ

SDK package වලින් සැමවිටම සිදුවන්නේ පරිගණකයේ තිබේ shell base layer එක ප්‍රධානකොට පරිගණක වැඩසහන් සැකසීම සහ එය compiling ක්‍රියාවලියේදී සිදුවන්නේ එය binary ලෙස පරිවතනය කොට shell base එක උඩ framework, runtime application layer එකක් උඩ ධාවනය කිරීමයි

මේ පිළිබධ වැඩිදුර තොරතුරු දැනගැනීමට මේ ලින්ක් ඔස්සේ ගිහින් බලන්න...


 ඉහත මූලික ලෙස පරිගණකයේ අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන ගැන කරුණු සදහන් කරලා තියෙනවා.ඉහත කරුණු වලින් ඉදිරිපත් කරලා තිබෙන තොරතුරු හුදෙක් ආධුනිකයෙක්ට ඉගෙන ගැනීමට පහසු කරවන්න සරල ලෙස යොදා තියෙන නිසා ඔබට වැඩිදුර මේ සම්බන්ධයෙන් ඉගෙන ගැනීමට.ඉහත වැඩිදුර තොරතුරු සදහා දී තිබෙන ලින්ක් කියවන්න..






























































4 comments:

  1. හොද ආරම්භයක් බ්‍රෝ...දිගටම ලියන්න.. 👍👍👍👍👍👍

    ReplyDelete
  2. Good job ayya digatama liyanna...


    ReplyDelete