Wednesday, February 15, 2017

මිහිපිට අපායට යාම ( වෛද්‍ය A.T සුදර්ශන මහත්මයාගේ මතක සටහනක් )

ප්‍රයෝගිකත්වය සහ පොළොවේ පය ගැසුන නිහතමානිත්වය ගැන කතා කරනවිට මම හැදුනුම් චරිතයක් විදිහට පුද්ගලිකව සුදර්ශන දොස්තර මහත්මයා තමයි දැනට දැකලා තිබෙන හොදම වර්ගයේ උදාහරණය.කුලියාපිටිය මූලික රෝහලේ 2012 මාර්තු මස වෛද්‍ය අධිකාරිවරයා විදිහට ඔහු වැඩ භාරගත් පසු එම රෝහලේ ක්‍රියාකාරී පරිවර්තනය ගැන ඔහුගේ මතක ආවර්ජනයක් සහිත ඔහුගේ සමාජ ජාලයේ පල කරපු ලිපියක් උපුටා ගනිමි.



වසර 2012 මාර්තු මස එවකට වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වරයාගේ ඉල්ලීමකට අනුව මම කුලියාපිටිය මුලික රෝහලේ වෛද්යාධිකාරී වරයා ලෙස එම රෝහලේ වැඩ භාර ගත්තෙමි. මා එහි යන විට පරිපාලනය කොයි තරම් සුපිරියට තිබුනාද කියතොත් එම රෝහලට ඒ වන විට කුලියාපිටිය ෂොපින් කම්ප්ලේක්ස් ලෙස නම් තබා තිබුනි. තව සමහරු රෝහල හැදින්වුයේ කුලියාපිටිය මෝචරිය ලෙසයි.


ෂොපින් කම්ප්ලේක්ස් ලෙස නම් කිරීමට හේතුව රෝහල් සේවක සේවිකාවන් බහුතරයක් රාජකාරී වෙලාවේ සාප්පු සවාරි යෑම හේතුවෙනි. මෝචරිය ලෙස හැදින්වීමට හේතුව වී තිබුනේ සතියට එක පාරක්වත් ලෙඩෙක් ඇඳෙන් වැටී මිය යාම හේතුවෙන් යැයි කියැවිණි. අටුවා ටීකා නැතිව මේ ලෙඩ දෙකම මාසයක් ඇතුලත සුවකළ බව ලියා තබා අදාළ මාතෘකාව වෙත යොමු වෙමු.


මේ රෝහලේ ඇදන් 50 ක් පමණ තිබු පිරිමි කායික රෝග වාට්ටුවක් විය. එම වාට්ටුවේ භාවිතයට තිබු වැසිකිලි කාමර පහේම ජලය තබා වැසිකිලි පෝච්චියක්වත් නොතිබුණු අතර මෙම වැසිකිලි කාමර වල කොසු ඉදල් හා අබලන් රෝද පුටු ගබඩා කර තිබුණි. එම වාට්ටුවේ රෝගීන් වැසිකිලි යන්නේ කෙසේ දැයි වාට්ටු භාර හෙදියගෙන් විමසූ විට ඇය මට ලඳු කැලෑවෙන් වැසී ගිය වාට්ටු අගුවේ එක පෙදෙසක් අතදිගුකර පෙන්වූවාය. “කොච්චර කල්ද ?”


“වැඩිය නෑ සර් දැන් අවුරුදු හතරකින් විතර මේ ටොයිලට් වල එකකවත් දොර පලුත් නෑ. වතුරත් නෑ. ඔක්කොම එක පාර හදන්න ලක්ෂ 15 ක් විතර යනවා, මේ පරණ වාට්ටුවට ඒ තරම් මුදලක් යට කරලා වැඩක් නෑ කියලා ඒ වැඩේ කෙරුනේ නෑ” වාට්ටු භාර හෙදිය එසේ පිළිතුරු දුන්නාය.


දැන් ඉතින් මගෙන් අහන්න එපා “ඈ ඕයි වෛද්‍ය අධිකාරි ජොබ් එක කරන්න ආවනම් ඒක කරගෙන ඉන්නේ නැතිව ටොයිලට් හදන්න ගිහිල්ල ප්රෙස්ටීජ් නැති කරගන්නද හදන්නේ කියලා”


මට කියන්න එපා සිස්ටම් එක හැදෙනකම් ඉන්න කියලා. (තමන්ගේ අයිතිවාසිකම් ගැන පමණක් කථා කරමින් සටන් වදින වෘතීය සමිති බහුල රටක කිසි දිනෙක සිස්ටම් හැදෙන්නේ නැත)


එච්චර කල් ඉන්න පුළුවන් නම් මිනිස්සු වාට්ටු අගුව වැසිකිලිය කර ගන්නේ නැති බව තේරුම් ගත්තොත් ඇති. මට කියන්න එපා අතීසාරෙට අමුඩ ගහන්න එපා කියලා. (මේක අතීසාරෙට අයිඩියල් සොලියුෂන් එක)


ප්‍රතිපාදන නෑ. ප්ලෑන් එකක් නෑ. එකෙකුටවත් වගේ වගක් නෑ. අත් දෙක හිස් උනාට මගේ හිතේ ධෛර්ය උතුරලා යනවා.


1. රෝහල් කමිටුව අතහැර ගොස් සිටි දානපතිනියක වූ මුතුකුඩ මහත්මියට කාරණේ කිව්වා. වැසිකිලි කාමර වලට අවශ්‍ය දොරවල් 5 ට අවශ්‍ය ලෑලි එයාගේ කැබ් එකෙන් රෝහලටම ගෙනත් දුන්නා.

2. වඩු වැඩට දක්ෂ ජයපාල තම ඕවර්සියර තනතුර අමතක කරලා දොරවල් 5 හැදුවා.

3. රෝහල් අක්මුදල් වලින් ජල නල අලුතෙන් එලුවා.

4. රෝහලේ අනුමත වෙනත් ව්‍යාපෘතියකට වැඩිපුර ටයිල් ටිකක් ඇස්තමේන්තු කරවාගෙන ඒ ටයිල් ටික වැසිකිලි බිමට ඇල්ලුවා. ටයිල් අල්ලන්න මටත් පුළුවන් හින්දා බාස් ට මමත් සපෝට් එක දුන්නා.(තනතුරට අවමානයක් කියලා හිතෙන එවුන් ශ්‍රමදානයක් කරා කියලා හිතා ගනිල්ලා)

5. බබාලා හම්බවෙන වාට්ටුවේ සිස්ටර් ගේ වාට්ටුවට වැඩිපුර හම්බවෙච්ච කොමෝඩ් එකක් එයා මට දුන්නා. එක වැසිකිලි කාමරේකට ඒක සවි කෙරුවා.



අවුරුදු හතරක් අපාදුක් වින්ද අසරණ මිනිස්සුන්ගේ දුක ඔක්කොම එකතුවෙලා සති දෙකෙන් විසඳුවා. “දැයට කිරුළ” සඳහා නගර සංවර්ධනයෙදී පාර පළල් කරන කොට මේ වැසිකිලි පේලිය කඩන්න සුදානම් වුණා. මාර්ග සංවර්ධන ඉංජිනේරු මහත්තයා එක්ක සාකච්චා කරලා ටොයිලට් පේලියයි වාට්ටුවයි දෙකම බේරාගෙන පේව්මන්ට් එක දාල තියෙන හැටි කුලියාපිටිය රෝහල අසල වතුර ටැංකිය ලඟින් ඇවිදගෙන යන ගමන් කාට කාටත් බලා ගන්න පුළුවන්.
ලංකාවේ එවුන් හැම මගුලටම කියන්නෙම ප්‍රායෝගිකව කරන්න අමාරුයි කියලනේ. (ඒ වුනාට මේවා මාර සිම්පල් වැඩ හලෝ)

උපුටා ගැනීම : AT Sudarshana (Fb සාමාජ ජාල පළකිරීම )


No comments:

Post a Comment