"ආදරේ කරන කෙනාට මෙතරම් ඉසිරියා කරන්නේ ඇයි උබ?" එය මම මගෙන්ම අහන ප්රශ්නයකි කැඩපත් රූපිව.විටක බැරෑරුම් ඉරියව්වෙන් මනස ඒ පිළිබද බොහොමයක් තාර්කිකනය කරපු මම පසුම මගේම ප්‍රතිපලයකට පැමිනේයෙමි. සුසුමක් සමග හිතින් පිටවුන උත්තරය මට ඕනි එකී ඉස්සරහ පොරක් වෙන්න කියන මතයයි.ඉතින් ඒ වෙනුවට ඉරිසියා කරන්නේ ඇයි කියලා නැවතත් හිතින් ප්‍රශ්න කරෙමි.හේතුව හිතන්න තරම් මගේ මනස ප්‍රමාණවත් නැතිව ඇති කියලා මටම සිතුනේ ඇයගේ ඇතැම් මිතුරන් සහ මම අතර ඇති වෙනස්කම් ගැන සිතීමෙන්
මම අවලස්සන මිනිසෙකු විය එය උපතින් දුන්නාට මම ඇතැම් නොකළ හැකි දේවල් පිළිබද දක්ෂයෙක් වෙමි යම් අවධියක, කිව යුතු දෙයක් ඇත ආදරය පුදුමාකාරය.විටක මිනිසෙක් හාසයක් තවත් විටක අසීමිත
සෙනෙහසක් සහ ආදරණිය හැගීමක් ඇතිකරනු ඇත.ඉහත කිව්වා පොර ටෝක්ස් එක මට අදාළ දෙයක් වන අතර එය මිනිසෙක් අසරණ වූ විට ඇතිවෙන නිදහසට කරුණක් බදුය,
ආදර කතාව මෙසේ පටන්ගනිමි ඇයට ආදරේ වන්නේ අයගේ සිනිදු පියයුරු වල ඇල්ම නිසා නොව හදවතට වදින ඇයගේ වදන් මට මදුවිතක් මෙන් මත්වන නිසාවෙන්.අර්ථාන්විත බුද්ධිය සහ ජීවිතය ගැන දීර්ග කාලින සැලසුම් අයගේ ආභරණය විය..මම ආදරය ආරම්භ කරන්නේ එතනින්.ඇයගේ ඇතැම් දේවල් වලට ඉරිසියා කරන්නේ වෙනත් කෙනෙකුගේ අවධානය මටත් වඩා ඔහුට යොමුවෙයි කියන බයට.මොනරා සෙබඩට පෙනෙන්න පිල් විදහාන ලක්ෂණයක් නොමැති මොනරෙක් බදු අසරණකමක් මටම දැනෙන්නේ ඇතැම් විට මම පිල් විදහන දේ අරුමය ඇයට අදුශ්‍යමාන අලංකාරයක් ගෙන දෙන බැවිනි. එය ඒ වර්ගයේම යන්ත්රකට තේරුම් ගැනීමට හැකියාව තිබෙන නිසා මම වෙනත් මිනිසුන් හට මගේ මානසිකව්තයේ අසරණ කමක් නොදන්නවා ඇති
හිතවත් ඇය වෙත, හංස පූට්ටුවක හංසාවිකාව වන නුබ තෝරා තිබ්බේ හරි හංසයාමද යන්න ලාමක ගැටළුවක් විය.අයිතිකරගැනීම අසාදාරනයක් උනත් සැමවිටම නුබව අයිතිකරගන්න අයිතිවාසිකම් තනන්න දැනෙන්නේ ඇයිදැයි නොගගිහිමි.මම කුරුරු විය නුබට තදින් වැළදගැනීමින් ආදර හස්තය නුබේ නිරුවත් හදවත ලබන්නට.කීමත ඇත්තෙමි එයයි මගේ ආදරය..
මීට මම
This comment has been removed by the author.
ReplyDeleteගෙවන තප්පරයත් මරණයට ළගාවන බව දැනුවත්ව ජීවිතය ගෙවිය යුතු සමාජ සම්මත ආකාරයට ජීවත්වීමට පෙම්වතිය කැමති බව ඔබ දන්නේය. නිදහසේ පොළොවට පතිතවන හිරු එළිය මෙන්, නිදහසේ ගලායන ජලය මෙන්, නිදහසේ හමායන සුළඟ මෙන් ඇය ඔබට සැමදේම පවසන්නීය. සැඟවීමට කිසිදු තැනක් නොමැතිබව ඔබත් දන්නේය, ඇයත් දන්නීය. ඇත්තේ අසීමිත ආදරය රැකගන්නේ කෙසේද යන ගැටළුවය. සත්‍ය වශයෙන්ම එය ගැටළුවක් නෙවේ, දෙදෙනාටම දෙදෙනා තුළ ම තිබිය යුතු සිතුවිල්ලකි එය. ඔබගේ පිවිතුරු සිත ඇය හොඳින් දනී. ඇය තුළ ඔබ ගැන ඇත්තේ ගෞරවාන්විත ආදරයකි.
ReplyDeleteජිවිතාවබෝධය සහ ආධ්‍යාත්මික දියුණුවක් තිබෙන මනසකට ආදරය කිරීමට ලැබීම මහත් පිනක් සලකන ඇය ඔබ අදහස් කරන " සංසන්දනය" දෙයකට දෙයක් සාපේක්ෂ වූ කලී සිදුවන සිදුවීමකි. විශේෂයෙන්ම මිනිසුන් අතර සංසන්දනය ඇය එක සේ හෙළා දකී. මන්දයත් ඔබ තුළ යම් සුවිශේෂී ලස්සනක්, දක්ෂතාවයක්, ගුණගරුකකම සහ පිවිතුරු ආදරය යන කරුණු මුලික කරගෙනය ඇය ඔබත් සමග ජිවිත ගමන තරණය කිරීමට බැඳී ඇත්තේ.
අවසන ඇය ඔබට මෙසේ පවසනු ඇත....
" කුරුළු කුඩුවක සිර වී සිටි මට ලද පුංචි නිදහස නිසා හමුවුණු අමුත්තා ඔබ, මා හට ලොව දැකීමට අඳුරුතුමෙක් විය. ඔබ කි වදන් සැම මා මතකයේ රැඳී ඇති බැව් ඔබට මා මතක් කිරීමට කැමැත්තෙමි. වෙන්නම්...පොරොන්දු ඔබ විශ්වාසය රැකගනිමි එදා මෙන් අදත් හෙටත්, ඉන්නම්...දිනෙක ඔබ පැතු පරිදි ඔබගේම ප්‍රිය බිරිඳව වී පුංචි කැදැල්ලක සැමදා සතුට සාදා දෙමින් ඔබ හට,පුංචි පැටවුන් සමග."