Saturday, June 24, 2017

වරදකාරී මිනිසා විදවන වේදනාව

අද ඇගේ පහස නැත හදවතට චෝදනාබර වියලි මුහුණුවරකින් පිටතට යන්නේ හදවත ඉරිතැලී පසුතැවිල්ලත් සමග කල්පනාවේ නිග්ම වෙමින්.ඇයගේ හදවතට කෙනෙක් ප්‍රතිෂේප වීම දඩුවම් ලැබිය හැකි වරදකි ඒ දඩුවම විදින්න මැලිවන්න පැකිල්ලේ නැති මම මටම දඬුවම් කරන ක්‍රමයක් සොයාගන්න උත්සහ කරන්නේ රෝමියෝගේ ආදර කතාවේ හුදෙකලාවේ තනිවුන ජුලියට්ගේ උපකල්පනයන් සිහිකරමිනි.

ඇය මට චෝදනා කරපු ඇතැම් චෝදනා මගේ වරදකාරී බව සහ කාලකන්නි බව සිහිපත් කරන්නට ලැබෙන හොදම ශාක්ෂියයි.හුරතලේට හැදුනු කෙලි පොඩිත්තක් ආදරෙන් අන්ධවනවා යන්න පිටතින් පෙනුනන්නට චෝදනා කරන සුපිරිම ගනයේ ගොනුවට ඇයද වැටුනේ මම නිසාද යත් නොදනී.ඇයට දෙන හුදෙකලාව මගේ වරදකි, ඇයට දෙන රළු බව මගේ වැරදි නමුත් ඊට පිළියම් සිතා ගත නොහැකි.

ඇලෙක්සැන්දර දිවුමාගේ කොසිකානු සහෝදරයන්යින් ආදර කතාවට වඩා මගේ ආදර කතාව වෙනස් වෙන්නේ එහි සිටින සහෝදරයන් දෙදෙනාගේ තරගකාරිත්වය මගේ හිතේ දෙපැත්තක තියෙන කොටස් දෙකක් බඳුවීමත් සමගයි. ඇතැම් විට තාමාට වෛර කරගැනීම ඇතැම් විට තමා ගැනම සැකයෙන් බැලීම සහ එහි ප්‍රධාන කොටස අසීමිතව ඇයට ආදරය කිසිම මම චෝදනා කරුවෙකු කරවන ලද්දක්ද යත් මටම නොතේරේ.

හැබැයි එක දෙයක් මට ඒකාන්තයෙන් කිව හැක එනම් ඇයට ඇගේ ආදරය දිනාගත් කල්හි කිසිම දිනක ඇයට පිටතින් වෙනත් පහසක් ලබන්න මම උත්සහ කරන ලද වරද වීමයි.හදවතක් ගල් පිළිමයක නෙලා ඇති ජීවිතය මට ඇගෙන් ලැබෙන ලොකුම දඩුවම විය හැක.කෙනෙක් සියුම් පිහියකින් තීරු තීරු වලට ඉරනවාට වඩා ඒ දේ මොලොක් හදවතක් ඇති ඇය ගලක් බදු වීම දරා ගන්න නොහැකි වේදනාවක් ගෙන දෙන්නකි.මන්ද යත් මම කිසිම දිනක ඇගෙන් ඒ දේ බලාපොරොත්තු නොවුනුවකි.වරදක් ඇත කිසිම දිනක නැවතත් ඒ දේ නොකරන්න වගබලා ගනිමි.දෙයක් බොහෝ වේගයෙන් වැටහේ එනම් අපායේ මිනිසුන් තමන් කරන ඇතැම් වැරදි වලට කොතරම් පසුතවෙයිද යන්න.මදුරුවෝ තලමින් මම තාමත් මැදසාලේ පුටුව උඩ පුටු කොට්ට වල පහස ලබමින් වෙලාව 3.55 යි...

Tuesday, June 20, 2017

ඉරිසියාකාර ආදරය

"ආදරේ කරන කෙනාට මෙතරම් ඉසිරියා කරන්නේ ඇයි උබ?"  එය මම මගෙන්ම අහන ප්‍රශ්නයකි කැඩපත් රූපිව.විටක බැරෑරුම් ඉරියව්වෙන් මනස ඒ පිළිබද බොහොමයක් තාර්කිකනය කරපු මම පසුම මගේම ප්‍රතිපලයකට පැමිනේයෙමි. සුසුමක් සමග හිතින් පිටවුන උත්තරය මට ඕනි එකී ඉස්සරහ පොරක් වෙන්න කියන මතයයි.ඉතින් ඒ වෙනුවට ඉරිසියා කරන්නේ ඇයි කියලා නැවතත් හිතින් ප්‍රශ්න කරෙමි.හේතුව හිතන්න තරම් මගේ මනස ප්‍රමාණවත් නැතිව ඇති කියලා මටම සිතුනේ ඇයගේ ඇතැම් මිතුරන් සහ මම අතර ඇති වෙනස්කම් ගැන සිතීමෙන්

මම අවලස්සන මිනිසෙකු විය එය උපතින් දුන්නාට මම ඇතැම් නොකළ හැකි දේවල් පිළිබද දක්ෂයෙක් වෙමි යම් අවධියක, කිව යුතු දෙයක් ඇත ආදරය පුදුමාකාරය.විටක මිනිසෙක් හාසයක් තවත් විටක අසීමිත
සෙනෙහසක් සහ ආදරණිය හැගීමක් ඇතිකරනු ඇත.ඉහත කිව්වා පොර ටෝක්ස් එක මට අදාළ දෙයක් වන අතර එය මිනිසෙක් අසරණ වූ විට ඇතිවෙන නිදහසට කරුණක් බදුය,

ආදර කතාව මෙසේ පටන්ගනිමි ඇයට ආදරේ වන්නේ අයගේ සිනිදු පියයුරු වල ඇල්ම නිසා නොව හදවතට වදින ඇයගේ වදන් මට මදුවිතක් මෙන් මත්වන නිසාවෙන්.අර්ථාන්විත බුද්ධිය සහ ජීවිතය ගැන දීර්ග කාලින සැලසුම් අයගේ ආභරණය විය..මම ආදරය ආරම්භ කරන්නේ එතනින්.ඇයගේ ඇතැම් දේවල් වලට ඉරිසියා කරන්නේ වෙනත් කෙනෙකුගේ අවධානය මටත් වඩා ඔහුට යොමුවෙයි කියන බයට.මොනරා සෙබඩට පෙනෙන්න පිල් විදහාන ලක්ෂණයක් නොමැති මොනරෙක් බදු අසරණකමක් මටම දැනෙන්නේ ඇතැම් විට මම පිල් විදහන දේ අරුමය ඇයට අදුශ්‍යමාන අලංකාරයක් ගෙන දෙන බැවිනි. එය ඒ වර්ගයේම යන්ත්‍රකට තේරුම් ගැනීමට හැකියාව තිබෙන නිසා මම වෙනත් මිනිසුන් හට මගේ මානසිකව්තයේ අසරණ කමක් නොදන්නවා ඇති

හිතවත් ඇය වෙත, හංස පූට්ටුවක හංසාවිකාව වන නුබ තෝරා තිබ්බේ හරි හංසයාමද යන්න ලාමක ගැටළුවක් විය.අයිතිකරගැනීම අසාදාරනයක් උනත් සැමවිටම නුබව අයිතිකරගන්න අයිතිවාසිකම් තනන්න දැනෙන්නේ ඇයිදැයි නොගගිහිමි.මම කුරුරු විය නුබට තදින් වැළදගැනීමින් ආදර හස්තය නුබේ නිරුවත් හදවත ලබන්නට.කීමත ඇත්තෙමි එයයි මගේ ආදරය..

මීට මම