Saturday, June 24, 2017

වරදකාරී මිනිසා විදවන වේදනාව

අද ඇගේ පහස නැත හදවතට චෝදනාබර වියලි මුහුණුවරකින් පිටතට යන්නේ හදවත ඉරිතැලී පසුතැවිල්ලත් සමග කල්පනාවේ නිග්ම වෙමින්.ඇයගේ හදවතට කෙනෙක් ප්‍රතිෂේප වීම දඩුවම් ලැබිය හැකි වරදකි ඒ දඩුවම විදින්න මැලිවන්න පැකිල්ලේ නැති මම මටම දඬුවම් කරන ක්‍රමයක් සොයාගන්න උත්සහ කරන්නේ රෝමියෝගේ ආදර කතාවේ හුදෙකලාවේ තනිවුන ජුලියට්ගේ උපකල්පනයන් සිහිකරමිනි.

ඇය මට චෝදනා කරපු ඇතැම් චෝදනා මගේ වරදකාරී බව සහ කාලකන්නි බව සිහිපත් කරන්නට ලැබෙන හොදම ශාක්ෂියයි.හුරතලේට හැදුනු කෙලි පොඩිත්තක් ආදරෙන් අන්ධවනවා යන්න පිටතින් පෙනුනන්නට චෝදනා කරන සුපිරිම ගනයේ ගොනුවට ඇයද වැටුනේ මම නිසාද යත් නොදනී.ඇයට දෙන හුදෙකලාව මගේ වරදකි, ඇයට දෙන රළු බව මගේ වැරදි නමුත් ඊට පිළියම් සිතා ගත නොහැකි.

ඇලෙක්සැන්දර දිවුමාගේ කොසිකානු සහෝදරයන්යින් ආදර කතාවට වඩා මගේ ආදර කතාව වෙනස් වෙන්නේ එහි සිටින සහෝදරයන් දෙදෙනාගේ තරගකාරිත්වය මගේ හිතේ දෙපැත්තක තියෙන කොටස් දෙකක් බඳුවීමත් සමගයි. ඇතැම් විට තාමාට වෛර කරගැනීම ඇතැම් විට තමා ගැනම සැකයෙන් බැලීම සහ එහි ප්‍රධාන කොටස අසීමිතව ඇයට ආදරය කිසිම මම චෝදනා කරුවෙකු කරවන ලද්දක්ද යත් මටම නොතේරේ.

හැබැයි එක දෙයක් මට ඒකාන්තයෙන් කිව හැක එනම් ඇයට ඇගේ ආදරය දිනාගත් කල්හි කිසිම දිනක ඇයට පිටතින් වෙනත් පහසක් ලබන්න මම උත්සහ කරන ලද වරද වීමයි.හදවතක් ගල් පිළිමයක නෙලා ඇති ජීවිතය මට ඇගෙන් ලැබෙන ලොකුම දඩුවම විය හැක.කෙනෙක් සියුම් පිහියකින් තීරු තීරු වලට ඉරනවාට වඩා ඒ දේ මොලොක් හදවතක් ඇති ඇය ගලක් බදු වීම දරා ගන්න නොහැකි වේදනාවක් ගෙන දෙන්නකි.මන්ද යත් මම කිසිම දිනක ඇගෙන් ඒ දේ බලාපොරොත්තු නොවුනුවකි.වරදක් ඇත කිසිම දිනක නැවතත් ඒ දේ නොකරන්න වගබලා ගනිමි.දෙයක් බොහෝ වේගයෙන් වැටහේ එනම් අපායේ මිනිසුන් තමන් කරන ඇතැම් වැරදි වලට කොතරම් පසුතවෙයිද යන්න.මදුරුවෝ තලමින් මම තාමත් මැදසාලේ පුටුව උඩ පුටු කොට්ට වල පහස ලබමින් වෙලාව 3.55 යි...

No comments:

Post a Comment