Monday, August 31, 2015

උබත් අසරණයෙක්

අසරණක කම දැනෙන්නේ උස් පහත බේදයකින් නොවේ.මිනිහෙට කරදරයක් උන වෙලාවේ ඔහුගේ ලග ඉන්නේ කව්ද ඔහු නොදකින වෙලාවේ ඔහුට දන්නේ ඔහු ඇර වෙන කිසිවක් එම ලෝකේ නැති බවයි.එයට උදාහරණ බොහොයි ක්ෂණික කෝපය නිසා මිනි මැරීම් , එසේ නැත්තම් මානසික පීඩනය හැදුන මිනිසුන් අපිට එහි ප්‍රතිපල පෙන්නයි.මම වගේම උබලත් බඩගින්නේ වේදනාව හොදට දනි.පෙර දින මමත් බඩගින්න වෙනුවෙන් හඬා වැළපුන කාලයක් තවමත් මගේ මතකයේ හොල්මන් කරන්නේ එම අවාසනාවත්ත කාලය සහ දැන් මම ගතකරන කාලයේ වෙනස විදහා දැක්වීමටයි.රෑට උණු වතුර බීල නිදා ගත්ත කාලයක්ද මටත් තිබුණි.එදා මට හදුනා ගන්න හැකියාව ලැබුණි නියම අසරණ කම ගැන.

මම දුෂ්කර ගමක ඉන්නා කොල්ලෙක් කියලා ලංකාවේ මම අඳුරන බොහෝ පිරිසක් දනී.නමුත් එය කියන්නට මම ලජ්ජා නොවුනුයේ මම ඊට වඩා අපහස විදපු නිසා විතරක්ම නොවේ ඒ උබලාට දුෂ්කර කාලකන්නි ගම අපිට සුර පුරයක් වෙන නිසයි.මිනිසුන් විහිලු කරන්නේ අලුත ඉපදුන ළමුන් මෙන්.ඔවුන් නොදනී බටහිර කරණය වෙන්න කලින් ලංකාවේ තිබුන ඉතිහාසය ගැන. සුද්දගේ සප්‍රධායට ගත් ඇදීම් මම නරක පුරුද්දක් ලෙස නොසලකමි.එය කිමද යත් අපේ මිනිසුන්ට වඩා ලෝකය පිළිගැනීමේ මට්ටම ඒ ආත්මාර්ථකාමී ජන කොට්ටාසයට අයත් නිසයි.මෙය අපි ජාතිවාදය හෝ වර්ග අපහාසය කියලා නොදකිමු.

මගේ ළමා කාලයේ සුන්දර මෙන්ම අවලස්සන මතකයන් රැසක් එකතු වීමේ ප්‍රතිපලයක් ලෙස මගේ ශාපලත් සිතුවිලි කිසිම ඉරිකිතයක් නැතුව ලිවීමට ඇති හැකියාව මම දකින්නේ තාග්‍යක් ලෙසයි.මම ඒ කාල 6 වසර වගේ ඇති, එසේ නැත්තම් 7 වසර මුල වගේ. අපේ අම්මා ගුරුවරියක් එම නිසා ඉගැනීමේ ඇති ප්‍රයෝජනය ඇය හොදටම දනී.එවකට අම්මාගේ වැටුප 2000ක් වේ, සියලුම නිවාස නය වලට කැපිලා ඉතුරුවන සොච්චම එයයි.නමුත් කවදාවත් ඇය අපිට ඇයගේ අසරණ කම නොපෙන්නුවේ දැඩි අසීරුවෙන්,  

මමද ඉස්කෝලේ අභිමානවත් චරිතයක් නොවේ පාසල් අධ්‍යන කටයුතු , ක්‍රිඩා හෝ වෙනත් භාහිර වැඩකට මම දක්ෂ පුද්ගලයෙක් නොවුනේ ඇතැම් විට මගේ උදාසීන ගති පැවතුම් නිසාවෙනි. හිතවත් මිනිසුන් මගේ මූනට අසරණ දරුවා පව් එයා ගැන හරිම දුකයි කියද්දී දැනෙන වේදනාව කොතෙක්ද යත් කන්නාඩි ගාවට වී අඬපු වාරද ගොඩක් ඇත.මට සිටියේ පොඩි බෝනික්කෙකි ඇය මම හැමදාම දකින්නේ සුරංගනාවියක් මෙන්ය.මම පොඩිම කාලේ හිතේ තියන හැමදේම ඒ පන නැති ප්ලාස්ටික් කෑල්ලට කියන්න පුරුදුවීම ඇතැම් විට හාස්‍ය ජනක දෙයක් විය.එය මතක් වෙන විටද මට මම ගැනම පුදුමයක් හිතේ.නමුත් තවමත් මම ඇයට ආදරේ කරයි.
අම්මාට හැම තැනින්ම ප්‍රශ්න විය මම ඇයගෙන් අසරණකමේ සැබෑ ස්වරූපය හදුනා ගත්තේ මට වයස අව්රුදු 10 දී 12 දී පමණය.ඇයගේ සැමියාගේ ප්‍රශ්න , ඉන්න හිටින්න ගෙයක් නැත කම, ලැබෙන සොච්චම ගඩොල් ගොඩකට යට කර දුක් විදීම විතරක් නොවේ ඇයගේ ලොකු පුතාගේ කාලකන්නි කම ගැන පාසලේ ගුරුවරුන්ගේ අප්‍රසාදයද ඇය අසරණ වීමට බොහෝ ලෙස බලපාන ලදී.

පාසල් ගුරුවරු ඔවුන්ගේ කාලච්චේද වල මාව මොට්ටයන්ගේ ගොඩට දැම්මේ වැඩ කරන ළමුන්ටවත් මම නිසා වැඩ කරන්න බැරි වෙන නිසා විය හැක. නමුත් ඒ කාලේ මට යස මිතුරන් රැසක් විය.එනම් පුදුමය යනු පන්ති  A,B,C,D,E පන්ති 4 රේම දක්ෂම යාළුවො මගේ හොදම මිතුරන් වීමයි. එයට සමහරවිට ඔවුන්ගේ දෙමවුපියෝ අකමැති වුහ.ඇතැම් විට ගුරුවරුද අකමැති විය.එනම් ඔවුන් ආදරේ කරන දක්ෂ ළමුන් පවා මම වගේ කාලකන්නියේගේ ආශ්‍රය නිසා පහතට වැටෙයි කියාය. නමුත් මම පොඩ්ඩ පොඩ්ඩ ගුරුවරු , මිනිසුන් , සමාජය දැක්කා මගේ ඇට්ටර ගති සහ කාලකන්නි කම නිදහස් යයි හැංගුනේ උන් මාවත් වලෙන් ගොඩ ගත නිසාද යත් මම නොදනිමි.නමුත් මමත් උන්ගේ මට්ටමට මිනිසුන් සාමාන කරන විට තවමත් මම ස්තුත්යි කරන්නේ උන්ටයි.
අසරණයෙකු දැක්ක පමණි ඔහු සැබෑ අසරණයෙක් දැයි හදුනාගැනීම ඉතා අපහසුයි.ඇතැම් විට ආදරණීය ජීවිතයන්ගේ අසරණකම අපි ඉතා ඉක්මණනි දකිද්දී අපි දකින්න අකමැති උන්ගේ අසරණ කම අපිට නොපෙනේ.විශේෂයෙන් ආදර ප්‍රශ්න වලදීද පවා ගැහැණු ළමයාගේ හිතේ හෝ පිරිමි ළමයාගේ හිතේ උන්ගේ එකිනෙකට වෙනස් අසරණ කම නොදකී.අපි සැවොම වරද්දගන්නේ එතනයි.මම එයට ආත්මාර්තකමිතාවය කියලා නොපවසන්නේ එක හේතුවක් උඩ එනම් මනුස්සකම සහ ආදරය අතර සම්බන්ධයක් නොමැති නිසයි.





Thursday, August 27, 2015

අවාසනාවතයා ඇඟේ හලාගෙන මුත්‍රා කරයි

කාලකන්නි මොහොතක් ගතකිරීම හරිම පුදුමාකාර දෙයකි.මිනිසාට වාසන්නාව අවාසනාව කියලා දෙයක් නොමැත.තියෙන්නේ සම්භාවිතාව පමණි.උඩ ඉදන් පහලට මුත්‍රා කරන මිනිසා අවාසනාවන්තයා ලෙස හදුන්වාන්නේ ඔහු සාමන්‍ය කෙනෙකු නිසයි.ඔහුට විශේෂ දෙයක් නැත විශේෂ හැකියාවක් නැත තිබුනත් එය ඔහු ප්‍රයෝජනයට නොගනී.මෙය ඔහුගේ ජීවිතේ එක මන්දගාමි අවස්ථාවකි.නමුත් හැමදේම ජීවිතේ හැමදේම දෛවයට බාරදීම හරියට අප්‍රාණික ලිංගය වැනිය.ජීවිතේ කිසිම පියවරක් ඔහුට තැබිය නොහැකිය.අපේ ජීවිතේ අංක වල ලියවී නොමැත, අපේ ජීවිත අකුරු වල ලියවී නොමැත අපේ ජීවිත වල දෙයක් සිදුවන්නේ සම්භාවිතාවය මතයි.
අවාසනාවත්තයා යනු වාසනාව හෝ අවාසනාව ගැන හිතමින් සිටින පුද්ගලයි ඔහුට හරියට වැඩ කල නොහැකියි .එම නිසයි මම කලින් කිව්වා වගේ ඇඟේ හලා ගන්නෙවත් නැතුව මුත්‍රා කරන්න ඔහුට බැරිය.මිනිසා උපතින් අවාසනාවන්තයෙක් නොවේ ඔහු අවාසනාවන්තයෙක් කරන්නේ ඔහුගේ ජෝතිෂ්‍ය කරුවාය.එනම් ඔහුගේ වෙලාව සම්භාවිතාවකින් නිරීක්ෂණය කොට ඔහු මෙසේ වෙනවා , අපල තියනවා වැනි කතා කියලා ඔහුගේ මානසික මට්ටමද වට්ටයි.සමහර පන වගේ ආදරය කරන ආදරවන්තයන්ගේ ආදරයන් කඩා ගැලපෙන්නේ නැති විවාහයන් පවා කරන්නේ ජෝතියය කරුවාගේ වචනය මතයි.
කාලකන්නියාට වාසනාව අවාසනාව මහා මෙරකි එය ඔහුට එකම නිදහසට කරුණයි.අප සමාජයේ මිනිසුන් කවදාවත් මම වාසනාවත්තයි යනුවෙන් නොකියයි.ඔහු කියන්නේ මම තරම් අවාසනාවත්තයෙක් කොහෙවත් නෑ යනුවෙනි.එසේ වීමට හේතුව අනිත් උන් ඔහුට අනුකාම්පා කරන නිසා හෝ ඉරිසියා කරන නිසා එය වලක්වීමටයි.කොච්චර වාසනවත්ත කෙනෙක් උනත් ඔහු අවාසනාවත්තයි කිව සැනින් ඔහුට එය මානිසකව පොඩි හෝ බිඳ දැමීමට පත් වෙයි.

මම මෙය තවත් පැහැදිලි කිරීමට කැමැත්තෙමි වාහනයක මිනිස්සු 10ක් අරගෙන කන්දක් උඩින් යනවා කියලා මම උප කල්පනය කරමි.කන්දෙන් වාහනය පෙරලි මිනිස්සු දෙන්නෙක් මරණයට පත් වේ.තවත් මිනිස්සු 7 දෙනෙකුගේ කකුල් අතපය තුවාල වේ.එක මිනිසෙක් කිසිම තුවාලයක් නැතුව බේරෙයි. එවිට සමාජය ඔහුගේ වාසනාව කියා පවසයි. නමුත් එම කන්දෙන්ම තවත් වාහනයක් තක්කාලි ගෙඩි 10ක් පටවාගෙන යයි.එම වාහනයත් කන්දෙන් පල්ලාහට පෙරලෙයි.එවිට තක්කාල්ලි 10න් 9ක් තැලී පොඩි වී යයි නමුත් ඉතුරු උන එක තක්කාලි ගෙඩියක් නිරුපද්‍රිතව තිබේ. අපි ඒ තක්කාලි ගෙඩියේ වාසනාව්ව යනුවෙන් නොපවසයි....මිනිසාට එසේ වීමත් අනෙක් අනෙක් දේවල් වලට අරම වෙමත් මිත්‍යා දුෂ්ටිකල් ලෙස දකින්නේ කිමද යන්න නොදනී.

Saturday, August 22, 2015

තරුණ අධ්‍යාපන සමුළුවේ මගේ කතාව

අඩු පහසුකම් තියන පවුල් පසුබිම් වල මිනිසුන් ඉතා දක්ෂයන් වෙති.තාක්ෂණික වශයෙන් හෝ වේවා සාමාජිය වශයෙන් ඉතා කැපී පෙනන දස්කම් සහ වෙනත් අයුරකින් හිතන පුද්ගලයින් ගොඩක් මම දකින්නේ දුෂ්කර පලාත්වල  සිටින අයගෙන්ය.සොදුරු දේශපාලකයින් , වෙනසක් කරන්න මහන්සි දක්වන උගතුන් බොහෝ දෙනෙක් හි මුල් පවුල් පසුබිම තිබෙන්නේ දුෂ්කර පළාත්වලයි.මෙයට හේතුව ඔවුන් ගැටළු නිවැරදි ලෙස හදුනා ගැනීමයි.එනම් අඩු සම්පත් වලින් වැඩි ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගැනීම ඔව්න් බලාපොරත්තු වන වන වාසියකි.
තාක්ෂණික වශයෙන් දිවුනුවට පත් වෙන සමහර අගනුවරවල් වල සිටිනා ශිෂ්‍යන් අලුත් දෙයක් නිර්මාණය උනන්දුව දක්වන්නේ බොහොම කලාතුරකින් එසේ වීමට හේතුව ඔවුන්ට ඇති පහසුකම් කුඩාකල සිටම අංග සම්පූර්ණව ලැබුන නිසා ඔව්න් ගොඩක් බර වන්නේ විනෝදාශ්වාද කටයුතු වලටයි.මම දැක්ක සමහර අත්දැකීම හරිම සංවේදීය.දුෂ්කර පලාත්වල ඉන්නා සමහර ළමුන්ගේ දැනුම දැකීම නෙතට කදුළු උනන දර්ශනද සහිතයි එනම් ග්‍රැපික් නිර්මාණය සහ මෘදුකාග නිර්මාණයට දක්ෂ සිසුන්ගේ අනාගතය කැලේට පිපෙන මලක් මෙන් තිබුන හිතට දැනෙන ගොඩක් සවේදී අත්දැකීමයි.සමහරු වයසට වඩා ඔවුන්ගේ දක්ෂකම් වැඩිමහල් වී පවතී නමුත් ඉදිරියට යාමට මාර්ගය ඔවුන් නොදනි.සමහර පාසල් වල IT කියන විෂය නොමැති තරම්ය.එනම් ගුරුවරු පවා තාමත් සිතන්නේ පරිගණකය යනු අලුත් ඇබ්බැහි වෙන යන්ත්‍රයක් හෝ සූදු යන්ත්‍රයක් බවයි.එම නිසා විෂය භාහිර ක්‍රියාකාරකම් වලින් තොරතුරු තාක්ෂණයට ඔවුන් දක්වන්නේ අඩු සැලකිල්ලකි.මෙය මටද තිබෙන ලොකු අත්දැකීමකි.
මොන දේ කරත් වැඩක් නෑ විභාගේ ෆේල් නම් කියන සංකල්පය නිසා ළමුන්ගේ සහජ හැකියාවන් විනාශවේ.සහජ හැකියාවන්ව් වර්ධනය මගින් යම්කිසි ක්ෂේතීය පලපුරුද්දන් ලැබීමමගින් ඔවුන්ගේ දැනුමට සරිලන්න සම්මුඛ පරීක්ෂණ සිදුකිරීම මගින් ඔවුන්ට ඉදිරියට යාමේ අඩිතාලම වැඩිය.
වැඩ ලෝකේ වාණිජ සමාජයට අවශ්‍ය වන්නේ අලුතින් හිතන පළපුරුදු මිනිසුන්ය.පොතක ඇලිලා සිටින ලේඛන කටපාඩම් කරන මිනිසුන් වැඩ ලෝකේ තාක්ෂණික කේෂ්ත්‍ර වලට අදාළ නොවේ.පුද්ගලික ආයතන වල නම් දැනට ඔහුගේ අත්දැකීම් මත ආයතන වලට බඳවා ගැනීම සිදු කරන්නේ ආයතනය තුල වැඩි වාසියක් ගැනීම සදහායි නමුත් තවමත් රජයේ ක්‍රියාවලින් එසේ නොවේ ඔවුන් වෘතිමය මිනිසුන් බදවා ගන්නේ ඉහල පෙලේ ක්‍රියාවලියකින් නොවන අතර ප්‍රභූ පුද්ගලයෙක් ගේ මාර්ගයෙන් කෙසේ හෝ වේවා බදවා ගනී.මෙය රටේ සේවාවන් පිරිහිමට එක හේතුවක් වන අතර රජයේ සේවයටත් ඉහල පෙලේ ක්‍රියාවලින් මගින් සම්මුක පරීක්ෂණයක් මගින් බදවා ගැනීම සිදු වේ නම් දිවුණු වෙමින් පවතින රටකට එය ලොකු සම්පතකි.
දුෂ්කර පලාත්වල සිසුන්ට අලුත් පහසුකම් දීම රජය විවිධ අදියර කිහිපයකින් පටන් ගන්නා ලදී “නැණසල දහසක් වියාපෘතිය” එයින් එකකි. නමුත් නැණසල දහසක් වියාපෘතිය මගිනුත් ළමුන් සීමිත ප්‍රමාණයකට පමණක් තාක්ෂනය ලබාදීම නිසා පාසල තරම් ලොකු සේවයක් එයින් බලාපොරොත්තු විය නොහැක.සාක්ෂරතාවය දිවුණු වීමට මූලකත්වය ගෙනෙන පාසල්හි ඇතුලට වියාපෘතියක් හෝ පුස්තකාලය හි පරිගණක විද්‍යාගාරක් දුෂ්කර පළාත්වලට ලබාදීමෙන් මෙය යම්තාක් දුරට මගහරවා ගැනීමට පුළුවනි.ප්‍රධාන පෙලේ නගර වල පමණක් දැනට පුස්තකාලයේ පරිගණක විද්‍යාගාර භාවිතා කරන අතර අනෙක් නගර වල සාම්ප්‍රධායික පොත් පමණක් තිබේ.එම නිසා අලුතින් ලැබෙන තාක්ෂණික දැනුම ඔවුන්ට ලැබෙන්න අඩුවෙන්ය.
අධ්‍යන කටයුතු කිරීමට නොහැකියාවක් දක්වනවා නම් ඔහු මෝඩයෙක් ලෙස සැලකීම මම දකින්නේ පිළිකුලකින්.එනම් අපි නොදන්නා බොහෝ දෑ ඔවුන් බොහෝ ලෙස දන්නා හෝ අත්දැකීම් බහුල කෙනෙක් විය හැකි.මෙය සමාජයේ ඉහල සිටිනා මිනිසුන්ද තර්ක කරන සාධකයක්. එනම් “ඕකා ඉගෙනගෙන නෑ....ඕකා මෝඩයා” කියලා කියන වචන වල අරුත කෙතරම් බැරෑරුම්ද යන්න එසේ පවසන ඔහුවත් නොදන්නවා ඇති.එසේ නැත්තම් ගුරුවරු “මෙයාට ඉගෙන ගන්න බෑ” යනුවෙන්ද කතා කරන්නේ හරියට කිසිම දෙයක් ඔහුට පිහිටන්නේ නැති අයුරින්ය.නමුත් ඔවුන් නොදනී පාසලේ උගන්වන විෂයන් අතුරින් වෙන භාහිර විෂයන් රැසක් පවතින බව.මෙයද මම දකින්නේ ළමයාගේ දක්ෂතාවයන් විනාශකරන සාධක ලෙසිනි.
ඇයි අපිටම කියලා දෙයක් කරන්න බැරි ඇයි අපිටම කියලා අලුත් දෙයක් නිර්මාණය කරන්න බැරි කියලා අපි හිනකොට අපේ සාර්ථකත්වයේ මුල් අදියර එයයි අඩිතාලම.ඉරිසියාව යනු සාර්ථකත්වයේ ලක්ෂණයකි නමුත් කෙනෙක්ට ඉරිසියා කරනවා වෙනුවට ඔවුන් වගේ වෙන්න උත්සහ කිරීම මගින් ඉබේම සාර්ථකත්වයට පත් වේ.ස්තුතියි

Youth Education Conference 2015
Sri Lanka Member Speech: Sanjaya Harshana Senevirathne

Date: 2015 / APL / 09

Sunday, August 16, 2015

මගේ චන්ද කාඩ් එක විකුණනු ලැබේ

තනි පාට රටකට වඩා පාට පාට කලවලම් ලස්සනට රටේ සාධාරණත්වය වැඩිය.ඒ වගේම එක ඈතට ලස්සනට පෙනේ.එය උබේ භාෂාවෙන් කිව්වොත් ඒකාධිපති බලයක් තිබෙන රටකට වඩා ප්‍රජාත්‍රන්ත්‍රය රජවෙන රටක සාධාරණත්වය ලස්සනට විදහා දැක්වේ.නමුත් ඩෝල්ටන්ගේ ප්ලම් පුඩිම් ආකෘතය වගේ එහි ලස්සන පාට මත කුඩා කඩතොළු තිබීම මම දකින්නේ අවසල්ලනකි.එනම් නිල් පාට,රතුපාට, කොළ පාටට නෙත නොගටුන කළු පැල්ලම් තවමත් සිටින්නේ කලකිරිමෙන්ය. "මචන් මොන පක්ෂයටද මේ පාර දෙන්නේ" කියලා ඇහුවොත් සමහරු "මම හැම පක්ෂයටම කතිරේ ගහනවා" , "එකෙක්ට දෙන්නේ නෑ" කියන සංකල්පය මත ඉන්න මිනිස්සු උබලා දැක ඇත. උබ උබේ අම්මාගෙන් අහපන් "අම්මේ මමත් දේශපාලනය කරන්නද කියල?" අම්මාගේ තීරණය "පිස්සුද ඔය වැඩ කරන්න එපා" කියන මතයයි.එසේ වීමට හේතුව දේශපාලකයා යනු මිනිසුන්ගේ චෝදනා වලට කෙලින්ම මුහුණ දෙන මිනිසාද.නැත්තම් දේශපාලකයා වංචාකාරයෙක්ද?

හැමදේම නිරීක්ෂණය කිරීමෙන් පසු මට දැනුනේ මෙයයි අපේ රටේ පක්ෂයක් නැත තියෙන්නේ ගැන්සි පමණි කියන මතයයි.එනම් ගැන්සිය පාරට බහි අපිට චන්දෙ දීපියව් කියලා කෑ ගසයි.උන්ව තව zoom කරලා බලද්දී කෑ ගහන උන්ගේ පවුල් ජීවිත සියල්ල රඳා පැවතිලා තිබෙන්නේ දේශපාලකයාගේ උදව් මතයි,එසේ නැත්තම් උදව් බලාපොර්ත්තුව මතයි.නමුත් දේශපාලකයා වෙනුවෙන් කඩේ යන්නේ නැති උන්ට කිසිම තැනක් නැත.උන් හිටියද මලාද කියලා නොදනී.ඒ අස්සේ තව පිරිසක් දේශානුරාගය විධහා දැක්වීමට තරග කරයි නමුත් උන්ගේ ඇත්තම ජීවිතේ දේශානුරාගය කියන්නේ නිකන්ම නිකන් වචනයක් පමණි..

අද චන්දය කියන දේ තියෙන්නේ පුද්ගලික වාසි මතයි එසේ නැතුව දේශය වෙනුවෙන් චන්දය දෙන මිනිසුන් අඩුයි.සමහරු කෑ ගසයි අපි අපේ රට ඉදිරියට ගෙනියමු කියයි.නමුත් ගමේ ඉන්නා මාටින් අයියා දේශපාලකයා වෙනුවෙන් කෑ ගහන්නේ.උගේ අතට සම්තින් එකක් හම්බුවෙන නිසා මිසක් දේශය ඉදිරියට ගෙනියන්න නොවේ.එතනින් පටන්ගෙන දේශානුරාගය කියන දේ වෙළද නාමයක් වෙන්නේද වාසියට දෙයක් හිතන බැවිනි.

ඇමතිතුමාට කඩේ යන එකාට රජයේ ජොබ් එකක් ගන්න පුළුවනි.ඊට පස්සේ ඇමතිතුමාගේ බල කාලය තුල පොරට ගොඩක් පහසුකම් ලැබේ.ඕනි තරමක් බුල කෙලියත් අව්ලක් නැත.මොකද ඇමතිතුමාට ආයතනයේ විධායක නිලධාරයාද යටත් බැවිනි.කඩේ යන්නේ නැති එකා මෙම මිම්මේ සිටින්නේ ගොඩක් පහතින්ය.ඌගේ වැරදි ගොඩක් මේ මිනිස්සු දකී.වැඩ කරන්නේ නැති උන් පුටුවලට වැටෙන්නේ මෙමෙ දේවල් නිසයි. අපි වෙනස් කරන්න ඕනි ඔතනයි.මෙය වෙන්ස්කොරන්න මට තනියෙන් බැරිය.මෙය වෙනස් කරන්න පුළුවන් කවලම් පාටක් මම හොයා හොයා සිටි.එය හමු වෙනකම් මම මගේ චන්ද කාඩ් එක විකුණයි. මොකද මට ඒ චන්ද කාඩ් එක විකුනලා හම්බුවෙන ගානෙන් මට වේලක් ශේප් කරගන්න පුළුවන් බැවිනි. දේශපාලන ගැන්සි ඔක්කොගෙම වැරදි රැසකි JVP කියන්නේ මිනීමරු පක්ෂයක් උන්ට චන්දෙ දෙන්න එපා , UNP කියන්නේ රට පාවා දුන්නා පක්ෂයක් උන්ට චන්ද දෙන්න එපා , UPFA යනු හොරකම් මැරකම් රජ කරපු පක්ෂයක් උන්ට චන්දෙ දෙන්න එපා කියලා මිනිසුන් කියද්දී මම මොන දේ කරන්නද කියා සිතාගැනීමටවත් නොහැකි බොහෝ තැන් වල අසරණව සිටි.කවදා හරි කෙනෙක් රටේ තියන කළු තිත් ටික අයින් කරපු දවසට මම හිතට එකගව චන්දෙ දෙයි.එදාට මම උන්ට හොදටම කඩේ යයි.

Sunday, August 9, 2015

අනුන් සහ තමන්

අපි ඉපදුන දවසේ ඉදලා අපි අනුන්ට යටත්ය.අපි අපේ කියලා ඉන්න හැම කෙනාම අනුන්ය.උන් අපිව අපි නොදන්වවා පාලනය කොරයි.අපිට අපේම කියලා දෙයක් නැත, අපි දන්නා හැම දේම අනුන්ගෙන් ඉගෙන ගත්ත දේවල් වේ.අපි ටොයිලට් එකේ ඉදගන්න විදිහේ ඉදලා උසස් අධ්‍යාපනය දක්වා අපි අනුන්ගේ ඉගෙන ගත්ත දේවල්ය.මුළු ජීවිත කාලෙම අපි අනුන් වෙනුවෙන් කැප කොරන මිනිස්සු වේ.අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි අනුන් වෙනුවෙන් මුළු ජීවිතේම කැප කොරයි.උබ කලිසම, උබේ ගවුම උබ අදින්නේ අනුන් වෙනුවෙනි.උබට කලිසම නැතිව ජීවත් විය හැකි.උබට ගවුම නැතිව ජීවත් විය හැකි.නමුත් උබ එක අදින්නේ අනුන් අපහසුතාවයට පත් නොකරන්නයි. අපිට අපේ දාඩිය ගඳ ඉවසන්න පුළුවනි,අපිට අපේ පඩ ගඳද ඉවසන්න පුළුවන්වනි නමුත් අපි අනුන් ඉස්සරහා සුවඳ විලවුන් පාවිච්චි කොරන්නේ උන්ව පිනවන්නයි.උබට උබ කවුද කියලා සමාජය ඉස්සරහා කියන්න බැරිය.උබව කව්ද කියලා තීරණය කොරන්නේ අනුන්ය.උබ උබ කව්ද කියලා සමාජය ඉස්සරහා කිව්වොත් උබ පඩ ෂෝ දාන කොල්ලෙක් හෝ කෙල්ලෙක් වෙයි.මොකද අපි අපිම ආත්මාර්ථකාමී නිසා අපි අපිව හැමදා අගය කොට සලකන නිසාවෙනි.එම නිසා උබේ ජීවිතේ විනිශ්ය මණ්ඩලයත් අනුන්ය.උබ කෙල්ලක් එක්ක යාලු උනත් ඒ දේවල් ඔක්කොම සිදුවෙන්නේ උබ පුද්ගලිකව නොවේ.උබ ඇයත් එක්ක පුද්ගලිකව කියලා සිදු කොරන්නේ ලිංගික එකතුවීම පමණි.නමුත් වර්තමානයේ එයද අනුන්ගේ වෙබ් සයිට් වලටද ගොස් හමාරය.අනුන්ට පුළුවන් උබව විනාශ කොර දමන්න ඒ වගේම උබව වීරයක් කොරන්නද අනුන්ට පුළුවන.අනුන් රාගිකයි උබ වගේම රාගිකයි ඒ වගේම උන් උබ වගේම ආත්මාර්ථකාමී. උබ අනුන් ඉස්සරහා ආකර්ෂණය වෙන්න බලයි.ඉතින් උබ උබේ කොන්ඩේ ඩයි කොරයි,උබ උබව පිරෙන්න සුවඳ විලවුන්,පුයර නහවයි, උබ උබේ සුදු රෝම ඉවත් කොරපු කකුල් පෙන්න උබ උබේ සාය පලයි, පියයුරු නැති උන් සැත්කම් කොර පියයුරු පුරවයි, මේ සියල්ල උබ කොරන්නේ අනුන් පිනවන්නයි.අනුනුත් උබට නොදවෙනිය උන් උන්ව පිනවන්න උබේ පස්සෙන් ආකර්ෂණය වෙයි.එයින් උබට හෙන පෞරුෂයක් ගෙනයි.මෙසේ ගත් කල අපේ ජීවිතය අපි අනුන්ගේ කරගෙන හමාරය.අපි නොදැන හෝ දැනුවත්ව අපිට අපේම කියලා ජීවිතයක් උරුම නැත වගකීම් රැසක් අනුන් වෙනුවෙන් කිරීමට අපි බැඳී පවතී. ජීවිතේ හැම දේම අනුන්ගේ දේවල්ය උබට කියලා කිසිවක් අයිති නැත.උබට කියලා දෙයක් පවතින්නේ උබට ලමයක් ලැබුන දවසය.උබ එතකොට හිතන්නේ එක උබේ කොටසක් ලෙසය.නමුත් ළමයා එසේ නොසිතයි ඌ බැන්ද දවසට උබත් ඌට අනුන් වගේ පෙනෙයි මෙය මටද උබටද මුළු ලෝකේ ඉන්න හැම එකාටමද පොදුයි.අපි සියල්ලම අනුන්ගේ යයි සිතන විටද දෙදෙනෙකු උබ තමන්ගේ යයි සිතයි ඒ උබේ අම්මයි තාත්තයි.
අප්පච්චි අම්මේ උබලා මගේමයි