අඩු පහසුකම් තියන පවුල් පසුබිම් වල මිනිසුන් ඉතා
දක්ෂයන් වෙති.තාක්ෂණික වශයෙන් හෝ වේවා සාමාජිය වශයෙන් ඉතා කැපී පෙනන දස්කම් සහ
වෙනත් අයුරකින් හිතන පුද්ගලයින් ගොඩක් මම දකින්නේ දුෂ්කර පලාත්වල සිටින අයගෙන්ය.සොදුරු දේශපාලකයින් , වෙනසක්
කරන්න මහන්සි දක්වන උගතුන් බොහෝ දෙනෙක් හි මුල් පවුල් පසුබිම තිබෙන්නේ දුෂ්කර
පළාත්වලයි.මෙයට හේතුව ඔවුන් ගැටළු නිවැරදි ලෙස හදුනා ගැනීමයි.එනම් අඩු සම්පත්
වලින් වැඩි ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගැනීම ඔව්න් බලාපොරත්තු වන වන වාසියකි.
තාක්ෂණික වශයෙන් දිවුනුවට පත් වෙන සමහර අගනුවරවල්
වල සිටිනා ශිෂ්‍යන් අලුත් දෙයක් නිර්මාණය උනන්දුව දක්වන්නේ බොහොම කලාතුරකින් එසේ
වීමට හේතුව ඔවුන්ට ඇති පහසුකම් කුඩාකල සිටම අංග සම්පූර්ණව ලැබුන නිසා ඔව්න් ගොඩක්
බර වන්නේ විනෝදාශ්වාද කටයුතු වලටයි.මම දැක්ක සමහර අත්දැකීම හරිම සංවේදීය.දුෂ්කර
පලාත්වල ඉන්නා සමහර ළමුන්ගේ දැනුම දැකීම නෙතට කදුළු උනන දර්ශනද සහිතයි එනම් ග්‍රැපික්
නිර්මාණය සහ මෘදුකාග නිර්මාණයට දක්ෂ සිසුන්ගේ අනාගතය කැලේට පිපෙන මලක් මෙන් තිබුන
හිතට දැනෙන ගොඩක් සවේදී අත්දැකීමයි.සමහරු වයසට වඩා ඔවුන්ගේ දක්ෂකම් වැඩිමහල් වී
පවතී නමුත් ඉදිරියට යාමට මාර්ගය ඔවුන් නොදනි.සමහර පාසල් වල IT කියන විෂය නොමැති තරම්ය.එනම් ගුරුවරු පවා තාමත්
සිතන්නේ පරිගණකය යනු අලුත් ඇබ්බැහි වෙන යන්ත්‍රයක් හෝ සූදු යන්ත්‍රයක් බවයි.එම
නිසා විෂය භාහිර ක්‍රියාකාරකම් වලින් තොරතුරු තාක්ෂණයට ඔවුන් දක්වන්නේ අඩු
සැලකිල්ලකි.මෙය මටද තිබෙන ලොකු අත්දැකීමකි.
මොන දේ කරත් වැඩක් නෑ විභාගේ ෆේල් නම් කියන
සංකල්පය නිසා ළමුන්ගේ සහජ හැකියාවන් විනාශවේ.සහජ හැකියාවන්ව් වර්ධනය මගින් යම්කිසි
ක්ෂේතීය පලපුරුද්දන් ලැබීමමගින් ඔවුන්ගේ දැනුමට සරිලන්න සම්මුඛ පරීක්ෂණ සිදුකිරීම
මගින් ඔවුන්ට ඉදිරියට යාමේ අඩිතාලම වැඩිය.
වැඩ ලෝකේ වාණිජ සමාජයට අවශ්‍ය වන්නේ අලුතින් හිතන
පළපුරුදු මිනිසුන්ය.පොතක ඇලිලා සිටින ලේඛන කටපාඩම් කරන මිනිසුන් වැඩ ලෝකේ තාක්ෂණික
කේෂ්ත්‍ර වලට අදාළ නොවේ.පුද්ගලික ආයතන වල නම් දැනට ඔහුගේ අත්දැකීම් මත ආයතන වලට
බඳවා ගැනීම සිදු කරන්නේ ආයතනය තුල වැඩි වාසියක් ගැනීම සදහායි නමුත් තවමත් රජයේ ක්‍රියාවලින්
එසේ නොවේ ඔවුන් වෘතිමය මිනිසුන් බදවා ගන්නේ ඉහල පෙලේ ක්‍රියාවලියකින් නොවන අතර ප්‍රභූ
පුද්ගලයෙක් ගේ මාර්ගයෙන් කෙසේ හෝ වේවා බදවා ගනී.මෙය රටේ සේවාවන් පිරිහිමට එක
හේතුවක් වන අතර රජයේ සේවයටත් ඉහල පෙලේ ක්‍රියාවලින් මගින් සම්මුක පරීක්ෂණයක් මගින්
බදවා ගැනීම සිදු වේ නම් දිවුණු වෙමින් පවතින රටකට එය ලොකු සම්පතකි.
දුෂ්කර පලාත්වල සිසුන්ට අලුත් පහසුකම් දීම රජය
විවිධ අදියර කිහිපයකින් පටන් ගන්නා ලදී “නැණසල දහසක් වියාපෘතිය” එයින් එකකි. නමුත්
නැණසල දහසක් වියාපෘතිය මගිනුත් ළමුන් සීමිත ප්‍රමාණයකට පමණක් තාක්ෂනය ලබාදීම නිසා
පාසල තරම් ලොකු සේවයක් එයින් බලාපොරොත්තු විය නොහැක.සාක්ෂරතාවය දිවුණු වීමට
මූලකත්වය ගෙනෙන පාසල්හි ඇතුලට වියාපෘතියක් හෝ පුස්තකාලය හි පරිගණක විද්‍යාගාරක්
දුෂ්කර පළාත්වලට ලබාදීමෙන් මෙය යම්තාක් දුරට මගහරවා ගැනීමට පුළුවනි.ප්‍රධාන පෙලේ
නගර වල පමණක් දැනට පුස්තකාලයේ පරිගණක විද්‍යාගාර භාවිතා කරන අතර අනෙක් නගර වල
සාම්ප්‍රධායික පොත් පමණක් තිබේ.එම නිසා අලුතින් ලැබෙන තාක්ෂණික දැනුම ඔවුන්ට
ලැබෙන්න අඩුවෙන්ය.
අධ්‍යන කටයුතු කිරීමට නොහැකියාවක් දක්වනවා නම්
ඔහු මෝඩයෙක් ලෙස සැලකීම මම දකින්නේ පිළිකුලකින්.එනම් අපි නොදන්නා බොහෝ දෑ ඔවුන්
බොහෝ ලෙස දන්නා හෝ අත්දැකීම් බහුල කෙනෙක් විය හැකි.මෙය සමාජයේ ඉහල සිටිනා
මිනිසුන්ද තර්ක කරන සාධකයක්. එනම් “ඕකා ඉගෙනගෙන නෑ....ඕකා මෝඩයා” කියලා කියන වචන
වල අරුත කෙතරම් බැරෑරුම්ද යන්න එසේ පවසන ඔහුවත් නොදන්නවා ඇති.එසේ නැත්තම් ගුරුවරු “මෙයාට
ඉගෙන ගන්න බෑ” යනුවෙන්ද කතා කරන්නේ හරියට කිසිම දෙයක් ඔහුට පිහිටන්නේ නැති
අයුරින්ය.නමුත් ඔවුන් නොදනී පාසලේ උගන්වන විෂයන් අතුරින් වෙන භාහිර විෂයන් රැසක්
පවතින බව.මෙයද මම දකින්නේ ළමයාගේ දක්ෂතාවයන් විනාශකරන සාධක ලෙසිනි.
ඇයි අපිටම කියලා දෙයක් කරන්න බැරි ඇයි අපිටම
කියලා අලුත් දෙයක් නිර්මාණය කරන්න බැරි කියලා අපි හිනකොට අපේ සාර්ථකත්වයේ මුල්
අදියර එයයි අඩිතාලම.ඉරිසියාව යනු සාර්ථකත්වයේ ලක්ෂණයකි නමුත් කෙනෙක්ට ඉරිසියා
කරනවා වෙනුවට ඔවුන් වගේ වෙන්න උත්සහ කිරීම මගින් ඉබේම සාර්ථකත්වයට පත් වේ.ස්තුතියි
Youth Education Conference 2015
Sri Lanka Member Speech: Sanjaya Harshana Senevirathne
Date: 2015 / APL / 09
ඡන්දේ ඉල්ලන්න වටිනවා උඹ නම්
ReplyDeleteනියමයි සහෝදරයා
ReplyDelete