මේක කොටාගෙන යනකොට දැනුන පොඩි දෙයකි එනම් හිතෙන
දේ ලියන්න යනවා වෙනුවට ඇත්තම ලියන්න ගියා නම් උබලාට මට හිතන දේම වෙයිද කියන ප්රශ්නයයි.එනම්
සමාජ ජාල පාවිච්චි කොරන ගොඩක් උන්ට වෙලා තියන ප්රශ්නය පුද්ගලිකත්වය කතා කිරීමට
තිබෙනා බය නැති වීමයි.එක කෙනෙක්ගේ පෞරුෂ හීන තාවයකට බලපානවාද යන්න ගැන මමද සැක පල
කරයි.නමුත් සමහර විට එය රෝගයක් ලෙස ගතහොත් මමද සිටින්නේ එහි සුව කල නොහැකි අවධියේ
යයි මටම සිතේ.එක් විටක අපි අපි විසින්ම පරිනාමනය වෙලාද යන්න හෝ අපේ මොලයේ මෝඩකම හරකෙක්ට
අනයක් එන මෙන් හෙමීට පාදෙමින් තිබේද යන්න ගැන මටද දැනෙන්නේ චකිතයක්.
නමුත් මගේ ජීවිතේ මෙතක් කාලෙකට හිටිය එකම හතුරා
සමාජ විනිශ්යකරුයි.මම ඔහුට හැමදාම වෛර කරන හේතු කිහිපයක් පවතී එනම් මට මගේ ජීවිතේ
ඇතැම් හැරවුම් ලක්ෂ වලට ඔහු කෙලින් යන්න නොදුන්නා එක සහ මගේ ඇතැම් තැන් වලදී මම
වරදිකාරයට හසුකොට ලගම සිටිනා මිනිසුන්ගෙන් අපහස ලබා ගන්නට මාව ඇමක් ලෙස භාවිතා කල
නිසා විය හැකි. කොතෙක් මම ඔහුට වෛර කරත් තවද මම කරන සමහර දේවල් කොරන්නේ උගේ මන්ද
බුද්දික අදහස් වලට යටත්ය.මම සමාජයට එරෙහි පිළිකුල් අදහසක් කිව්වොත් එකට මට බනින්නට
ගොඩක් මිනිසුන් ඇත.නමුත් ඒ ගැන හිතට එකගව විමසන්නට සිටින්නේ සීමිත පිරිසකි.එයද
රෝගයක් ලෙස ගත් කල්හි ගොඩක් වැඩිහිටියෝ සහ රාමුවක සිතන අමුතු පන්නයේ මිනිසුන්
සිටින්නේ කාලකන්නි රෝගයේ උග්‍ර අවස්ථාවේ
බව බිය නැතුව කිව හැක.
මේ අපි ආශ්‍රය කරන බොහෝ මිනිසුන් රාමු වකට යටත්
වන්නේ ඔවුන්ගේ සමාජ පසුබිම හෝ අලස කම නිසා විය හැක.පොඩි එකා කවදාවත් ලොකු උන් වගේ
රාමු ගතව හිතන්නේ නැත පොඩි එකා ඌට ඕනි දේ කරයි එය මගින් ඔහු අධ්‍යන කරයි.නමුත්
ලොකු උන් වන අපි ඒ පොඩි එකාවද රාමුවක හිර කරන්න හදන්නේ හරි වැරැද්ද කියලා පෙන්වීම
මගින්ය.නමුත් හරි වැරැද්ද ලෙස මම නම් දකින්න පංච ශීලය පමණක් බව ඔවුනට පෙන්නීම නිවැරදිය
නැතුව පොඩි එකාට ගෙනල්ලා දුන්න සෙල්ලම් බඩු කැඩුවම එක කඩන්න එපා එක හොද නෑ කියන
කතාව මම තරයේ ප්‍රතික්ෂේප කරයි. එසේ උනේ ලොකු මිනිහාගේ පහසුවට මිස පුංචි එකාගේ
රාමුවෙන් එහා පෙනෙන අසිරිමත් චින්තය විනාශ කරමිනුයි.
මේ සියල්ලගේම පසුපස සිටින්නේ මගේ පෙර කී සතුරායි
පාරේ කෙල්ලෙක් එක්ක කතා කරත් ඇති සමාජ විනිශ්ය කරුවා ඒ කෙල්ල එක්ක රූම් ගියා කියන
තැනට අපිව පත් කරයි.නමුත් සමහරවිට ඇය සහෝදරිය විය හැක.මිනිසාගේ පරිකල්පනයේ ස්වරුපය
ක්‍රියාවට නැංවීම ද සහ ඉරිසියාව සමග මුසු කිරීම නිසා මේ සමාජ විනිශ්යකරුගේ මෝඩ ක්‍රියාවන්
සීග්‍රයෙන් පැතිරේ.
මම මෙතෙක් වෙලා සමාජ විනිශ්ය කරුවා කිව්වේ උබට බව
උබ නොදන්නවා ඇත.ඇත්තම කිව්වොත් උබලා ඔක්කොගෙම එකතුවයි සමාජ විනිශ්ය කරුවා යනුවෙන්
මම අදහස් කලේ මිනිසෙක් කාලකන්නි කරන්නේද උබලා විසිනුයි ඒ වගේම මිනිසෙක් මිනි
මරුවෙක් කරන්නේද උබලා විනිසුන්. මේ ගැන දෙවරක් නොසිතන්න.හිත ඇතුලෙන් හිතලා බලන්න
හදවතට එකගව ඔබට හමු උන අසීරු තැන වලදි උබේ අතින් කට්ටියට උන අසාධාරනකම් ගැන.මෙය
හිතන්නට කාලයයි.....
Plastic Surgery Steel vs Titanium Swords -TianiumArts
ReplyDeleteTitanium blades are considered to be ideal where is titanium found for many body types including women, titanium scrap price men, and thinkpad x1 titanium young children. 먹튀 The Titanium sword where can i buy titanium trim is a